_20_

1.4K 190 8
                                    

" උබට මාව ඔච්චරටම අන්කම්ෆටබල් ද චූටි.."

චනෙරුගෙ ඇස් වල ලාවට තිබ්බ කලකිරීම එයෝන් දැක්කා. කලින් වුනු ප්‍රශ්නෙ එක්ක චනෙරු ගෙ එක බැල්මටත් ගැස්සිලා කලබල වුනාට චනෙරු එක්ක දවසක් එලියෙ ඉන්න කොල්ලා ආස කරපු තරම් දන්නෙ එයෝන් ගෙ හිත විතරයි.

" එහෙම නෑ පිස්සු ද.."

" මේ අහපන් චූටි ඊයෙ රෑ ගැන සොරි උබට කෑගැහුවට.... ඊයෙ ප්‍රැක්ටිස් කරද්දි කෝච් ගෙන් බැනුම් අහලා ආවේ. ඒ ඇවිත් උබ එක්ක කතා කරද්දි බැනුම් අහපු එකට තිබ්බ තරහත් උබේ පිටින් ගියෙ. ම්.... අපි දෙන්නා එෆෙයා එකක් පටන්අරන් සතියක් වගේ පොඩි කාලයක් වුනාට. උබ යි මායි අවුරුදු ගානක් එකට හිටියා ඉතින් උබ මන් ගැන මම තරමටම දන්නවා චූටි ඒ තරම් උබ මට ලංවෙලා හිටිය කෙනෙක්. මට මගේ ජීවිතෙ කිසිම දෙයක් තිබිලා නෑ උබට හංගලා... මන් දන්නවා උබේ ෆස්ට් මන් කියලා. උබ ට සමහර දේවල් පුරුදු නෑ කියලත් මන් දන්නවා හරිද ම්ම්ම්.. මන් එක්ක ඒ දේවල් පුරුදු වෙමු. මන් උබේ අකමැත්තෙන් උබේ ඇගට අතක්වත් තියන්නෙ නෑ චූටි.. මම මීට කලින් කී දෙනෙක් එක්ක හිටිය ද කියන එක අල්ලලා දාපන් එයෝ මම උබට ආදරේ දුන්නෙ ගෞරවයකුත් එක්ක උබේ අහිංසක චරිතෙ වෙනුවෙන් ඉපදුනු ගෞරවයක් ඒ . මගේ ජීවිතෙ එහෙම හැගීමක් ආව පලවෙනි මනුස්සයා උබ. "

එයෝන් බලන් හිටියෙ තමන් ගෙ ඉස්සරහ එක කකුලක් බිම දන තියාගෙන තමන්ගෙ අත් දෙකම එක අතකට අල්ලගෙන මූනට එබිලා කතාකරන කොල්ලා දිහා. හැමතිස්සෙම වගේ පේන්න තිබ්බ සෙල්ලක්කාර හිනාව නැතුව දැන් ඒ ඇස් වල තිබ්බෙ අවංක බවක්. එයෝන් මුකුත් නොකියම ඇද උඩ ඉදන්ම පහලට නැවිලා චනෙරු ගෙ උරහිස් වටේ අත් දාලා ඒ ඇගට බර වුනා.

" කොහෙද බන් රිංගන්නෙ මන් මෙච්චර දෙයක් කිව්වම උබ ඔහොම කටපියන් හිටියම හරි ද ඉතින් "

" මමනෙ මෙච්චර දවසක් ඔහොම කියෙව්වෙ අද ඔයා කියවන්න මම අහන් ඉන්නම් "

" මන් උබ වගේ චැටර් බොක්ස් එකක් නෙවෙයි.. කෝ නැගිටලා මේ මයිලො එක බොන්න "

චනෙරු එයෝන් ගෙ මූන උරහිස අස්සෙ තියෙද්දිම නැගිට්ටෙ එයෝන් කකුල් දෙක දෙපැත්තෙන් දාලා චනෙරුගෙ ඉන වටේ බැදගත්තා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now