_11_

1.3K 201 8
                                    

" චූටි මහත්තයා අද හවස් වෙලා.. නෝනා හවස ඇවිත් චූටි මහත්තයා එනකම් බලන් ඉන්නවා අන්න.." 

" අහ් අම්මි ඇවිත් ද ...
පුදුමයි මන් ඉන්නවා කියලා මතක් වෙලා "

යුග්ම ගෙදර ඇතුලට යද්දි ටීවී එක දිහාවට මූන හරවගෙන ඉන්න අම්මා ව දැක්කත් ඒ පැත්තට නොයා පඩිපෙල දිහාවට හැරුනා

" පුතා.. ඇයි මෙච්චර ලේට්.."

" ස්පොර්ට්ස් මීට් ප්‍රැක්ටිස්.. "

" යුග්ම පඩිපෙල කොනෙ බැම්මට හේත්තු වෙලා කියලා ආයිත් උඩට යන්න හැරුනා. මේ වෙලාවෙ අම්මා එක්ක කතාකරන්න යුග්ම ට ඕනකමක් තිබ්බෙ නෑ. කලින් දවසෙ වගෙ හිතෙ තියෙන ආවේගයෙන් කතාකරලා අන්තිමට වෙන්නෙ දෙන්නගෙම හිත් රිද්දගන්න කියලා යුග්ම දන්නවා .." 

" පුතා අම්මි ට දැන් යන්න වෙනවා ඒ නිසා මෙහෙන් වාඩිවෙන්න කතාකරන්න ඕන ඔයා එක්ක.."

" තවත් මොනාද අම්මි කතාකරන්න තියෙන්නෙ.. ඔක්කොම වෙලා ඉවර වුනාටත් පස්සෙ මට කියන්න තියෙන්නෙ මොනවද තව.."

" මට මාස දෙකකට ඉතාලි වලට යන්න වෙනවා පුතා.. තාත්ති එයාගෙ එහෙ ස්පා එකයි විලා එකයි ඔයාගෙ නමට ලියලා ඒ වැඩ ගැන බලන්න මට යන්න වෙනවා. ඔයත් එනවනම් තාත්ති කැමති වෙයි.."

මූන දිහාවත් බලන්නෙ නැතුව ටේබල් එක උඩ තිබ්බ කොල වගයක් ගනන්  කරන ගමන් ඉන්න අම්මා දිහා බලන් යුග්ම ලොකු හුස්මක් ගත්තා. හිතට එන තරහ යුග්ම ට කන්ට්‍රොල් කරගන්න වෙන විදියකුත් නෑ මෙතන කෑගහන්න ඕනකමකුත් නෑ

" අනෙ අම්මි මෙ.. මට එහෙ බිස්නස් වැඩක් නෑ තාත්තිටත් කියන්න ඒ ටික එයා ගාවම තියාගන්න කියලා.. ඔයාටයි මටයි මෙහෙ හොටෙල්ස් වලින් ලැබෙන ඉන්කම් එකෙන් ජීවත් වෙන්න පුලුවන්. තව මොනවද අම්මි. ප්ලීස් මාව ඔයාලගෙ ඔය වැඩවලට ගාව ගන්න එපා."

" ඕකෙ පුතා ඔයාගෙ කැමැත්තක්... මන් අනිද්දට ෆ්ලයි කරනවා. පරිස්සමින් ඉන්න හරිද අද වගෙ වැඩිය ලේට් වෙන්න එපා පුතා අම්මි ආදරෙයි ඔයාට හරිද.. මේ ටිකේ වගෙ මගෙ කෝල්ස් මිස් කරන්න එපා.. මට ඔයා ගැන හරි බයයි දරුවො.." 

" මට ඔයා එක්ක තරහක් නෑ අම්මි.. සොරි එකපාරම මට ඔයාලා දෙන්නගෙ ඩිවොස් එක ගැන කිව්වම දරාගන්න බැරි වුනා.. ඒකයි මන් කෑගැහුවෙ.."

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now