_30_

1.4K 190 18
                                    

ටයිපින් මිස්ටේක් තිබුනොත් පොඩ්ඩක් හදාගෙන කියවන්න හරිද 💙

--------------------------------------------------------------




" හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුගක් රසට මුමුනන්නද මා..."

" ටාටාටා.."

" කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා
කීවා සුලඟ මට කීවා කීවා
පෙම් හිත ගෙනාවා කියා ඔයා..

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව්නු දිලී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී... "

ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එලියට ඇහෙන තරමට නැගලා යන සාජ්ජෙට යුග්ම ගෙන් පද ටික කියවෙද්දි ඒකට හරි තාලෙට ඩෙස්ක් එකට ගහන ගමන් තමයි එයෝන් හිටියෙ.  ඩෙස්ක් දෙකක් එකතු කරලා ඒක උඩ එක එක හැඩේට කපපු අකුරු ටිකකුයි දිලිසෙන කුඩු පිරිච්ච කුප්පි ටිකකුයි නිල් පාට යි කහ පාටයි පේන්ටින් තියෙන බාස්කට් දෙකකුයි තියාගෙන කොල්ලො දෙන්නා සින්දු කිය කියම බරපතල වැඩක යෙදිලා හිටියෙ. දෙන්නා විතරක් හිටිය ට මොකද හැබැයි ප්‍රිෆෙක්ට් රූම් එක දෙදරන්නම දෙන්නගෙ සද්දෙ තිබ්බා.

" එයෝ.. අර රිජිෆෝම් ටිකෙන් ඉතුරු ටික කපලා දාන්නම් නේහ්.. "

" ඒ ටික යසිදු ලා ලග ඇත්තෙ ඉල්ලගන්න මන් ඊයෙ ඒ ටික ඌට දුන්නා "

" උබත් හවුස් හදන්න ඉන්නවද හවසට "

" හ්ම්.. ඉන්න කියලා තමයි හිතන් ආවේ ඒ වුනාට හතරට විතර යන්න ඕන "

දවස් සති වෙලා මාසෙක අවසානයේ මේ අවුරුද්දෙ ස්පෝර්ට් මීට් එක හෙට තියෙන්න තිබ්බ නිසා හවුස් කැප්ටන් ලා එක්ක හවුස් හතරෙම කොල්ලො ටික අද හවස හවුස් හදන වැඩේ ඉස්කෝලෙන් පස්සෙ දාගෙන තිබ්බෙ. ග්‍රවුන්ඩ් එකනම් මුලු මනින්ම ප්‍රයිමරි ඩ්‍රිල් එකේ ලමයි නුයි වෙස්ටන් බෑන්ඩ් එකයි අයිති කරගෙන තියෙද්දි. අභී චනෙරු එක්ක අනිත් ප්‍රිෆෙක්ට්ස් ලා ටික ඉස්කෝලෙන් එලිය තාප්පෙ වටෙයි ග්‍රවුන්ඩ් එක වටෙයි ඉස්කූල් ෆ්ලැග් ටික එල්ලන්න ගිහිල්ලා හිටියෙ යුග්ම ම එයෝන් එක්ක ප්‍රිෆෙක්ට් රූම් එකෙ දාලා.කෙලින්ම කිව්වොත් යුග්ම මේ දෙක වෙන්න සින්දු කියන්නෙ කොල්ලව මෙතන දාලා ගියපු එකට තරහින් කිව්වොත් හරියටම හරි. ජූනියර් සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා දෙගොල්ලම ග්‍රවුන්ඩ් එකෙයි එලියෙ යි වැඩ කරද්දි අභී අද යුග්ම ව ඒ වැඩ වලින් සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබ්බෙ.
යුග්ම ත් වචනයක්වත් නොකියා ප්‍රිෆෙක්ට් රූම් එක අස්සට වෙලා හවුස් ටික හදන්න ඕන කරන අනිත් වැඩ ගැන බැලුවා. හවුස් ඩෙකරේශන් ටික ගැන වැඩිහරියක්ම තීරණය වුනෙ යුග්ම ගෙයි එයෝන් ගෙයි අතින්. ඔය වගේ දෙයක් හොදටම කරන්න පුලුවන් මේ දෙන්න ට කියලා දන්න නිසාම අභී තව කොල්ලො සෙට් එකක් එක්ක දෙන්නවම ඉස්කෝලෙ ඇතුළෙ තියලා ගියා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now