_02_

2K 241 15
                                    

" ඕයි මෙ ඊයෙ සදලිගෙ පාර්ටි එකෙදි මට අර මිනිහව හම්බුනා... සකුනිගෙ කෙස් එකෙ කොල්ලා "

" කවුද ආරොන් ද..."

" මොකා ... ආරොන් ද උගෙ නම තැපලෙන නමක් නෙ.."

" ඔව් ඔව් මිනිහා ගෙ තාත්තා ටිකක් ලොක්කෙක් මන් හිතන්නේ.."

" උගෙ ඔක්කොම හොදයි ලොකුකම නැත්නම් පොඩි පගයා ඊයෙ මන් කතා කරද්දි ඇහුනෙ නෑ වගෙ ගියෙ ඕකා.."
එරෝන් කිව්වෙ උදෙ ඩියුටි වලට යන්න ලෑස්ති වෙන දෙන්නට

" එයොන් යෂ් අද එන්නෙ නෑ ඌ ක්ලබ් එකෙ වැඩකට ගියා අපි ඩියුටි ඉවර වෙලා එන්නම් කොල්ලො.."

අහී අනිත් දෙන්නවත් ඇදගෙන එලියට බැස්සෙ හෙඩයි ඩිපියුටියි දැනටමත් ඩියුටි වලට පරක්කු වෙලා තිබ්බ නිසා

" චනෙරු හවස මීටින් එක ගැන අනිත් අයට කියපන් මන් ප්‍රින්සිපල් සර්ව හම්බෙලා කතාකරලා එන්නම් "
යුග්ම අනිත් කොල්ලො දෙන්නව එතන දාලා  ඇවිද්දෙ  ඔෆිස් එක පැත්තට


ප්‍රන්සිපල් ගෙ ඔෆිස් එකින් එලියට බැහැලා උදෙ ඩියුටිත් ඉවර කරපු යුග්ම ක්ලාස් එකට යන්න හැරිලා ග්‍රවුන්ඩ් එක පහුකරද්දි  දැක්කෙ එලෙවෙල් ක්ලාස් තියෙන බිල්ඩිමේ එහාපැත්තෙන් තිබ්බ එකොලහ වසරේ පන්ති තියෙන කොනෙ උඩ ඉදන් එයා දිහා බලන් ඉන්න ඒ ඇස් දෙක. සාක්කු දෙකටත් අත් දාගෙන ඒ කොල්ලගෙ තිබ්බෙනම් වෙනම ම ලයින් එකක්

මූ කොහොමද අපෙ ඉස්කොලෙ..

එදා වගෙ ම ඒ ඇස් ලග යුග්ම ගෙ ඇස් ගැස්සුනා . ඒවා හරි තියුණු යි කොල්ලා යුග්ම දිහා බලන් ඉන්නෙ යුග්ම ගෙ ඇස් හිල් කරන් යන බැල්මක් කියලමයි යුග්මට හිතුනෙ. යුග්ම යන ගමනත් නවත්තලා උඩ බලාගෙන හිටියෙ එක හුස්මක් වත් වැරදිලාවත් පහලට නොදමා

එහෙම්ම ටිකක් වෙලා ඉදලා හරි සිහියට ආවා වගෙ යුග්ම ඉක්මන් කරලා එතනින් එයාලගෙ ක්ලාස් පැත්තට ඇවිදන් ගියෙ අර අනිත් කෙනාගේ කට කොනෙ හිනාවක් මතුවෙද්දි

" චනෙරු මෙ.. අර අරූ ..."

" ඕයි ගමනක් තියෙනවා වරෙන් ඉක්මනට.."

යුග්මට ඉතුරු ටික කියාගන්න කලින් එතනට ආව එයොන් කෑගැහුවෙ අනිත් තුන් දෙනා ඔලුව උස්සලා බලද්දි

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now