_27_

1.3K 199 15
                                    

" දැන් උබ ඔය වන වන කොහේ යනවා කියලද හිතන් ඉන්නෙ.."

යුග්ම එකසැරේ ම කකුල් දෙකින් බ්‍රේක් ගහලා පිටිපස්ස හැරුනා. හරිනෙ ඉතින් දැන් චනෙරු නැතුව අඩියක් එහාට මෙහාට තියන්න බැරි තත්වයක් තමයි යුග්ම ට ලැබිලා තියෙන්නෙ. කලින් දවස් වල යුග්ම ගේ හැසිරීමෙ හොද කම නිසා චනෙරු පුලුවන් හැම වෙලාවෙම යුග්ම ව ලග තියාගෙන ඉන්න ට්‍රයි කරා නැත්නම් මූ නටන්නෙ කියලත් එසේ මෙසේ පිස්සු නෙවෙයි නෙ.

" ඩියුටි ඩියුටි පේන්නෙ නෑහ්.."

" ඉතින් හරක් පැටියො තොගෙ බැජ් එක ඩෙස්ක් එක උඩ දාලා දුවන් ආවෙ ඩියුටි යන්න ද "

" හුටා.. කෝ ගෙනාවද අමතක වෙනවනෙ මේ ලඩ්ඩ හැමතිස්සෙම "

" තෝ අද සිහියෙන් නෙවෙයි කොහොමත් ඉන්නෙ බලමුකො මොකක්ද නටන්න හදන්නෙ කියලා හැබැයි පුතො ආයිත් එදා වගේ දෙයක් කරලා තිබුනොත් අම්මපා මම උබේ කන පලනවා සත්තයි ඈ "

" යුග්ම යෝ... "

ඉස්කෝලෙ පිටිපස්ස ගේට් එක පැත්තෙ ඉදන් මේ පැත්තට දුවන් එන එයෝන් ව දැකලා යුග්ම ට හිනා ගියා. ඌ තනිකරම පැන්ඩෙක් වගේ දෙපැත්තට වැනි වැනි දුවන් ඇවිත් යුග්ම ගෙ උරහිස උඩින් අතක් දාගත්ත කොල්ලා බෙල්ලත් නවාගෙන හති අරිනවා. චනෙරු නම් හිටියෙ කට උල් කරගෙන එයෝන් දිහා බලාගෙන.

" මොකද යකෝ මේ හති දාගෙන දාඩිය පෙරාගෙන දුවන් ආවේ "

" නෑ ඉතින් උදේ දැක්කයින් පස්සෙ ඔය කට්ටිය ඊටපස්සේ අල්ලගන්නවත් නෑනෙ "

" චූටි මෙහෙ එනවා තමුසෙ රතු වෙලා දාඩියට "

චනෙරු සාක්කුවෙන් ගත්ත ලේන්සුවකින් එයෝන් ගෙ මූනෙ බේරෙන දාඩිය ටික පිහිදාන හැටි යුග්ම බලන් හිටියෙ ලස්සන හිනාවක් මූනට අරගෙන. චනෙරු කොච්චර සෙල්ලක්කාර කොල්ලෙක් වුනත් ඌත් දැන් එයෝන් ගෙ හැම පොඩි දෙයක් ගැනම හොයලා බලලා ආදරෙ කරන හැටි දැක්කම යුග්ම ට අනිත් පැත්තට මතක් වෙන්නෙ ආරෝන් ව යුග්ම ට කවදහරි දවසක ඒ ආදරෙ ත් තමන් ගෙ නමට විතරක් ලියාගන්න පුලුවන් වෙයිද කියලා කල්පනා කරා.

" ආවූහ්..ම්හ් "

චනෙරු මූනෙ දාඩිය පිහිදාන ගමන් එයෝන් ගෙ යුනිෆෝම් එක පිටින් ම ඉන මිරිකද්දි එයෝන් උඩ පැනලා එහාට වුනා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now