_39_

2.5K 308 21
                                    

" ඩිපියුටි අයියේ ගයාංගනී ටීචර් මියුසික් රූම් එකට එන්න කියන්න කිව්වා ලාස්ට් පීරියඩ් එකෙ "

" හරි පොඩ්ඩො.. මෙතන රවුම් ගැහිලා කයිය ගහන්නෙ නැතුව අනිත් කට්ටිය එක්ක පන්තියට යන්න  "

යුග්ම එයාගෙ ඉනටත් පහලින් උස තිබ්බ පොඩි කොල්ලගෙ කොන්ඩෙ අවුස්සලා කියද්දි හුරතල් විදියට හිනාවුනු පොඩි එකා අනිත් කොල්ලො ටික ගාවට දුවන් ගියා.

පඩිපෙල නැගලා ක්ලාස් එක ලගට යද්දි තාම ඇප්ලයිඩ් සර් උගන්නනවා ඇහුනු නිසා යුග්ම පඩිපෙල ලග බිත්තියට හේත්තුවක් දැම්මෙ තව විනාඩි දහයකින් පීරියඩ් එක ඉවර වෙන නිසා.

" ඇතුලට යන්නෙ නැද්ද  "

යුග්ම ගෙ පිටිපස්සෙන් මෙච්චර වෙලා පඩිපෙල නැගන් ආව අභී යුග්ම ට එහා පැත්තෙන් බිත්තියට හේත්තු වෙද්දි යුග්ම දත් ටික දාලා හිනාවුනා.

" තව ටිකකින් පීරියඩ් එක ඉවරයි නෙ එතකොටම යනවා දැන් ගිහින් එක්ස්කියුස් කරලා යන්න කම්මැලියි "

" කාලද ඉන්නෙ ම්...දැන් ලෙඩ අඩුයි නෙ "

" ඔව් ඔව් කාලා බෙහෙත් බීලා ඔක්කොම කරලා ඉන්නෙ "

අභී අතේ තිබ්බ පොත් ටික බිත්තියට තද වෙන්න පිටිපස්සෙන් තියාගෙන යුග්ම ගෙ දිහාවට හැරුනෙ එතන පහුකරන් ගිය පොඩි  කොල්ලො සෙට් එක දිහාවට තද බැල්මක් දෙන ගමන්.

" උබලයි තාත්තා හොටෙල්ස් දෙක දෙන එක ගැන කතාකරලා තියෙන්නෙ දැන් මාසෙකට විතර කලින්. මට ඒ සයිඩ් එක හොයන්න විදියක් නෑ බන්. තාත්තගෙ ලගම කෙනෙක් ගෙන් තමයි ඕකත් අහගත්තෙ. මන් හිතන්නේ මෙහෙ බිස්නස් ටික විකුනලා උබවත් එහාට ගෙන්න ගන්න කලින් ඉදලම අන්කල් හිතාගෙන ඉදලා. "

" වෙන්න ඇති "

" මන් දන්නවා උබ මේක ගැන කතාකරන්න කැමති නෑ කියලා. උබ අම්මලා ලගට ගියා කියලා උබට වැරැද්දක් වෙන්නෙ නෑ. අඩුම උබ මෙහේ ඔහොම ගෙදරක් ඇතුලට වෙලා තට්ට තනියම ඉන්න එක හරි නැති වෙනවා නෙ. "

" ම්ම් "

" උබ හිතේ තියෙන දේවල් කියන්නෙත් නෑ.. අපිට මුකුත් කිව්වෙ නැති වුනාට කමක් නෑ අඩුම තරමේ උබ ඔය හංගන් ඉන්න ඒවා වෙන කාටහරි වුනත් කමක් නෑ කියපන් "

ආරු...  ( BL )  COMPLETED ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ