- බෝ පතක පිනි කඳුලු - 09 -

458 64 11
                                    

කමලක්කා දවස් දා හතරක් ඉන්දියාවේ ඇදගෙන ගිය එකට මං අර ගිම්හානයගෙ වටබඩ්ඩගෙ අම්මට මල් තිය තිය උදේ හවා නොවැන්දට... හිතේ මාර භක්තියක් තිබුණෙ නැන්දා ගැන.


කමලක්කත් ගියෙ අපිට නිදහසේ ටිකක් ඉන්න දෙන්නමදෝ කියලා එකක් මට ලාවට ලාවට දැනුනා.

මං ඉතින් මේ රිලේශන්ශිප් එකේ 'ටොපා' කියන ගැම්ම හිතට අරන් අර අහිංසකයා මඩවන්න හිතේ හැටියට අවස්ථාව උදා කරගත්තා.

අයියල වද දෙන්නෙ ආදරේට.. මල්ලි බබාල තේරුම් ගන්නෝන දේවල් මෙව්වා. ආහ් හා වටබඩ්ඩ, ෆෝම් වෙන්න ඕන්නැ, මං කිව්වෙ මගෙ බෝ පැලේ ගැන.

" බෝපත්! මෙහෙ වරෙං..! "

" .......... " කොල්ලා කියව කියව හිටිය පොත මිදුලෙ බංකුවේම දාල ගෙට දුවගෙන එනවා මං බලාගෙන. ජනේලෙන් අනිත් පැත්ත හැරිලා හාන්සි වුණේ ඒකයි.

මූ ඇද ලඟට ඇවිත් ඇඹරි ඇඹරි හිටගෙන හිටියෙ නිකන් බොස් ලඟට ආව එම්ප්ලෝයී කෙනෙක් වාගෙ. පව් අප්පා මගෙ කොල්ලා.. ලඟ නැතුව විනාඩි දහයක් ඉන්න බැරි ගානට වැදිලා මට න‍ං..

යකෝ කටක් ඇරලා ඇයි අයියෙ අහන්න බැරි ඇයි? මමත් දැක්කෙ නෑ වගේ හිටියෙ කටහඩ අහන්න ආසාවටමයි. මුගෙන් වචනයක් ගන්න එක එච්චර දුර්ලභයි.

ඒත් මූ ඇඹරි ඇඹරි කකුලෙ මාපටගිල්ලෙන් බිම හාරන්න හැදුවා මිසක් ආසාවට වචනයක් කිව්වෙ නෑ. ම‍ංම කතා කරේ ඕන පුකක් කියලා.

" ඇයි කතා කරන්නැත්තෙ?... "

" ............. " හැරිලා මං මූණ දිහා බලලමයි ඇහුවෙ. හැබැයි එතකොට මූ තව හිරවෙන්න වගේ ගත්තා.. වචන උගුරෙ හිර වෙලා... කියාගන්න දෙයක් හිතන්න මූ මාර විදියට ස්ට්‍රගල් කරනවා මං බලාගෙන. මට පට්ට දුකක් එක්ක ආදරයක් දැනුණෙ පපුව කාරගෙන ආය..

ඇස් වල කදුලුත් පුරවන්... මුට ලෙඩක් ද අප්පා.. කමලක්කා ඉද්දි ටිකක්වත් කතාබහ කරල ඉදපු එකා ඇයි දැන් මේම?

නරි කොටුවක කුකුල් පැටියෙක් හිර වුණාම දැනෙන බය උට දැනෙනවා ඇති හුත්තො.. මගෙ කාලකණ්ණි මූසල හිත හිතුවෙම හරහට.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now