⛓️ 36 ⛓️

59 9 6
                                    

Officer ජන්ග් තමන්ගේ වාහනය නතර කරේ කිම් ජොන් යූගේ නිවසේ..ඉක්මනින් වාහනයෙන් බැහැල කෙලින්ම ප්‍රධාන දොරෙන් ඇතුල් වෙලා ඉස්සරහට යද්දීම ජන්ග්ගේ ඉස්සරහ පේන්න තිබුණු sofa එකෙ වාඩි වෙලා දුම් පානය කරමින් හිටියේ කිම් ජොන් යු...තමන්ගේ ඉස්සරහින් හිටගෙන ඉන්න ජන්ග්ට ඉඳගන්න අවසර දෙන ගමන් පපුවේ පුරවාගත්ත දුම තොල් අතින් ඈතට යවන ගමන් එයාගෙ දිහා බැලුවා..

👨ජන්ග් ..තමුන්ට මන් එන්න කිව්වේ අද වැඩේ ගැන ආයිමත් වතාවක් මතක් කරන්න.

🧑‍✈️ මන් හිතන්නේ නෑ එහෙම දෙයක් අවශ්‍ය වෙයි කියලා..දැනටමත් මම හැමදේම ලෑස්ති කරලා ඉවරයි..

👨 ඒක ගොඩක් හොඳයි..

🧑‍✈️හ්ම්හ්... හොඳයි වගේම තමයි මෙක ගොඩක් භයානකයි..පොඩ්ඩක් හරි වැඩේ ගැස්සුනොත් අපි සේරම ඉවරයි..

කට කොනින් හිනා වෙන ගමන් සිගරට් එක නිවපු ජොන් යූ බර උනේ ජන්ග්ගේ දිහාට..

👨 ඇමැතිතුමා තමුන්ට මෙකට හොඳට ගෙවනවා..සල්ලි වලින් විතරක් කියලා හිතන්න එපා...තමුන් කැමති නැද්ද නියෝජ්‍ය පොලිස්පති වගේ තනතුරක් ගන්න..ආහ්..

ජොන් යු අන්තිමට කියපු දේ ඇහුන ගමන් ජන්ග්ගේ ඇස් දෙක ලොකු උනේ පුදුමයෙන් පිරිලා..මොකද ජන්ග් වගේ කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් තැනක් නෙවේ කියලා හොදාකාරවම දන්න නිසා..එයා ගල්ගැහිලා වගේ බලාගෙන හිටියේ තමන්ට ඇහුන දේ ගැන සැකයෙන් වගේ...

👨 ඇයි විශ්වාස කරන්න බැරි ද...මං ඇමැති තුමා ගෙ මස්සිනා..මං ඇමැති තුමා ගැන හොඳටම දන්නවා. එයා වචනයක් දුන්නොත් ඒකම තමයි සිද්ද වෙන්නෙ...

🧑‍✈️හොඳයි..අම්... එහෙනම්...අපි කතා කරගත්තා වගේම මන් godfather ගැනයි අනිත් උන් ගැනත් බලාගන්නම්..මගෙ අය වැඩේ ගාණට කරයි...

👨 එච්චරයි වෙන්න ඕන.හහ්.හහ්.හහ්..Dark Lord වගේ කෙනෙක් කොහොමත් අයිති වෙන්න ඕනි ඇමැති තුමාට...එතුමාට නැති දෙයක් මේ කොරියාව කාටවත් තියන්න විදිහක් නෑ... එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් අල්ලගන්න දැන් අපිට වරායක් ඇවිල්ලා තියෙනවා..

ජොන් යූගේ වියරු හිනාව හැම තැනකම පැතිරිලා යද්දී ජන්ග්ට ඒ ගැන ඇති උනේ ප්‍රශ්නයක්..

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Where stories live. Discover now