⛓️ 32 ⛓️

165 23 12
                                    

Flashback ___

දුරකථනය නාද වෙද්දි ජීජින් බැලුවේ ඒ කවුද කියලා...හුරු පුරුදු අංකයක් තීරයේ දිස් වෙද්දි ජීජින් ඉක්මනින් ඇමතුමට පිළිතුරු දෙන්න හදද්දීම එහා පැත්තෙ හිටපු කෙනා කතා කරේ කලබලයෙන් වගේ..

🐲 හියුන්...දෙයක් කියන්න තියනවා...මට දැන්ම ඔයාව මුණ ගැහෙන්න ඕන..

🦁 ජීසන් මන් දැන් ගෙදර යන ගමන් .. හදිස්සියක් නම් ඉක්මනට එන්න...

Hospital එකෙ වැඩ ඉවර කරලා ජීජින් ගෙදර එන ගමන් හිටියේ..ජීසන්ගේ ඇමතුම නිසා එයා තමන්ගේ වේගය වැඩි කරලා ඉක්මනට පිටත් උනේ එයාගෙ ගෙදරට..

විනාඩි කීපයක් ගත වෙද්දි ජීසන්ගේ වාහනය නතර උනේ එයාගෙ හියුන්ගේ ගෙදර ඉස්සරහ.. ඉක්මනට ඇතුළට ගිහින් එයා වටපිට බැලුවේ ජීජින්ව හොයාගන්න...

🦁ජීසන්... මොකක් හරි ප්‍රශ්නයක් ද

🐲 හියුන් මෙක කියන්නේ කොහොම ද කියලා මට හිතාගන්න බෑ...

Kitchen area එකෙ ඉඳන් වතුර වීදුරුවක් අරගෙන එන ගමන් ජීජින් කතා කරේ sofa එක පෙන්නන ගමන්..

🦁 මොකද්ද වෙලා තියෙන්නෙ

🐲 හියුන් අපිට ඔයාගෙ පුතා ඉන්න තැන ගැන ආරංචියක් ආවා...ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි..

🦁 මගේ දරුවා... එයා කොහෙද ඉන්නෙ ජීසන්... එතකොට මගේ ...

ජීජින් ඉඳගෙන හිටපු තැනින් කෙලින් උනේ මේ අහපු දේ ගැන පුදුමෙන්...අවුරුදු ගානක් හොයපු තමන්ගේ ආදරේ වගේම පුංචි දරුවා ගැන ලැබුණු මේ ආරංචිය ජීජින්ට මහ මෙරක් තරම් උනා... ඒත් ජීසන්ගේ ඇස් බිමට බර උනේ ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව...

🐲 දරුවගෙ ඔම්මා දැනට අවුරුදු දෙකකට වගේ කලින් නැති වෙලා හියුන්....පැටියා ඉන්නෙ අනාථ නිවාසෙක

අත් දෙකෙන්ම ඔලුව දෙපැත්ත තදින් මිරිකගෙන ජීජින් ටික වෙලාවක් කල්පනා කරා... ටික වෙලාවකින් කඳුළු පිරුණු ඇස් ජීසන් දිහාට යොමු උනා...

🦁 මන් මොකක්ද ජීසන් කරන්නේ...මගේ මැණික මාව දාලා ගිහින්.. අපේ දරුවා කාත් කවුරුවත් නැතුව දුක් විඳිනවා...මට මේ ජීවිතයෙන් වැඩක් තියනවද ජීසන්...

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Where stories live. Discover now