⛓️ 19 ⛓️

159 30 10
                                    


🐷 කුකී..

දොර ඇරගෙන ඇතුලට ආවේ ජින් හියුන්... එයා ජන්කුක් ළඟට ඇවිත් උරහිස් උඩින් අත තියල බලද්දි ජන්කුක් එයා දිහා බැලුවා.. රතු වෙලා තිබුණ මූණ පුරාම කඳුළු වලින් නෑවිලා..

🐰 හියූන්.....

🐷 කුකී ඇයි මේ... මොකද උනේ....

කවදාවත්ම මේ විදිහට හැසිරිලා නැති ජන්කුක්ව දැකපු ගමන් ජින් හොඳටම බය උනා ...

🐰 හියුන් මගේ මිනී....

🐱 ජිමින්... ???

🐷 ඔය ඇඩිල්ල නවත්තලා කියනවා කෝ...ජිමින්...

ජිමින්ගේ නම ඇහුන ගමන් දෙන්නම කලබල වෙලා අහද්දී කුකීට වචනයක් වත් කියාගන්න තරං ශක්තියක් තිබුණේ නෑ...මෙච්චර වෙලාවක් අතේ ගුලි වෙලා තිබුණ කඩදාසිය එයා ජින්ට දුන්නා..

🐰 මන් මහා තිරිසනෙක් හියුන්....

ජන්කුක් හැසිරෙන විදිහ නිසා මෙතන ලොකු දෙයක් සිද්ධ වෙලා තියනවා කියලා ජින්ට වගේම යුන්ගිටත් තේරුණා.. ජින් ගුලි වෙලා තිබුණ කඩදාසිය පරෙස්සමට දිග ඇරල තත්පර කිහිපයක් යද්දී ආයිමත් ජන්කුක් ළඟට නැවුනා..

🐷 මට කියනවා... ජිමින් මේ කියන්නෙ මොකක් ගැනද කියලා..

🐰 ඔයා මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ... මම ඒ තරං ලොකු වැරද්දක් කරේ.. කාටවත් මූණ දෙන්න මට හයියක් දැන් නෑ...

ජන්කුක් බිම බලාගෙන කතා කරද්දී ජින්ට තේරුණා වෙලා තියන දේ.. කියාගන්න බැරි තරං තරහකින් වගේම දුකක් දැනෙද්දි ජින් එතනින් නැගිටලා අඩි කීපයක් පිටිපස්සට උනේ එයාගෙ ඔලුවේ අත්දෙක තියාගෙන බර හුස්මක් පිට කරන ගමන්..

🐱 කුකී.. පැහැදිලිව කියන්න...මොකක්ද මෙතන උනේ...

🐷 යුන්ගී...ඕනි නෑ... මට හිතාගන්න පුළුවන් උන දේ... අපි ඉක්මනට ජිමින්ව හොයාගන්න ඕනි...

එයාගෙ අතේ තිබුණ ලියුම ජින් යුන්ගිට දුන්නා.. කියවගෙන යද්දි එයාගෙ මූණ ඉබේම වෙනස් උනා..එයාගෙ ඇස් ලොකු කරගෙන ජින් දිහා බැලුවා..

🐱 හියුන් මන් කොහොමහරි එයාව හොයාගන්නම්..

යුන්ගි එයාගෙ phone එක අතට අරගෙන ජින් ළඟට යද්දී මෙච්චර වෙලාවක් එහෙමම හිටපු ජන්කුක් කතා කරන්න පටන් ගත්තා..

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Место, где живут истории. Откройте их для себя