.
.
" ම්ම්ම්...."වීදුරුව කපාගෙන තද ඉර එළිය මූණට වැටෙද්දී... ජන්කුක් කෙඳිරි ගාන ගමන් ඇස් පොඩි කරලා එක ඇහැක් ඇරලා බැලුවා .... එයා හිටියේ වාහනේ ඇතුළේ.... ජන්කුක් හතරවටේට බැලුවේ බය වෙලා වගේ... කාර් එක නතර කරලා තිබුණේ main road එක අයිනට වෙන්න තිබුණ ගස් වලින් වටවුන පටු පාරකට හැරෙන තැන ...
🐰 මේ කොහෙද....
වාහනේ ඇතුළේ තිබුණ වතුර බෝතලේ බාගයක් විතර හිස් කරපු ජන්කුක් සීට් එකට ඔළුව තියාගත්තෙ මද සිහි ගතියක් වගේම පුපුරන්න තරම් හිස කකියන්න ගත්ත නිසා... ජන්කුක් ඇස් දෙක පියාගෙන හිමිට හුස්ම ගත්තා....
" කුකී....."
ජන්කුක් එක පාරටම ගැස්සීලා ගියේ කන ලගින්ම වගේ ඇහුන කට හඬක් නිසා.. ඒත් කිසිම පැහැදිලිබවක් හඬ ඇතුළේ තිබුණේ නැති නිසා ජන්කුක් හිතුවේ හිසේ කැක්කුම නිසා ඇහුන විකාර දෙයක් කියලා...ආයිමත් සීට් එකට ඔළුව තියාගෙන කල්පනා කරද්දි කුකීට මතක් උනේ... ජිමින්ව....
' දෙයියනේ ...මිනී.....එයා මන් එනකන් බලාගෙන ඇති .... ඒත් ...ඉන්න ..මට මතකයි මම ගෙදර ලඟට ගියා..... එතකොට... කොහොමද මම මෙතනට ආවෙ..ආෂ්...ඒ විකාර වැඩක් තියේද..මම ඉක්මනට යන්න ඕනි.... මිනී හොඳටම බය වෙලා ඇති.... '
කාර් එක සැනින් ස්ටාර්ට් කරගෙන main road එකට දැම්ම ජන්කුක් පුළුවන් උපරිම වේගයෙන් පාගලා ගියා.....
Gate එකෙන් ඇතුලට කාර් එක දාපු ජන්කුක් කෙලින්ම දුවගෙන ගියේ ගෙදර ඇතුලට....
" මිනී........"
" මිනී...මම ආවා...."
කීප වතාවක් ජන්කුක් කතා කරත් කිසිම සද්දයක් ඇහුනේ නෑ..වෙනදට වාහනේ සද්දෙ ඇහුන ගමන් දුවගෙන එන මිනී අද පේන්නවත් නැති වෙද්දී ජන්කුක්ගේ පපුව සීතල උනා... එයා ඉක්මණට දුවගෙන ගියේ මිනීගේ කාමරේට .
" මිනී...අනේ මට සමාවෙන්න....ඔයාව තනියම......"
කියන්න ගිය වචන ටික එහෙමම නතර උනා ...කාමරේ ඇතුළේ කවුරුත්ම හිටියේ නෑ වගේම සමහර තැන් අපිළිවෙළ වෙලා තිබුණා.. ජිමින් කවදාවත් කිසිම දෙයක් මේ විදිහට තියාගෙන නෑ.. එයාගෙ පිළිවෙල අංක එක කියලා මේ ටිකේදි ජිමින් මුළු ගෙදරම බලාගත්ත විදිහෙන් ජන්කුක් හොඳටම දැනගෙන හිටියා... එයා හොඳටම කලබල උනා ඔලුව ඇතුළේ එක එක දේවල් වැඩ කරන්න පටන් ගනිද්දී ආයිමත් හිසේ කැක්කුම වැඩි වෙන්න පටන් ගත්තා..ජන්කුක් අත් දෙකෙන්ම ඔලුව දෙපැත්ත තද කරගෙන බිම ඉන්දවුනා..
YOU ARE READING
PleASe YoU StaY ALIve || MINGGUK|| [Ongoing]
Fanfiction⁉️ ROMANCE ⁉️ REVENGE ⁉️ LOVE ⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧⚧