⛓️ 2 ⛓️

304 44 10
                                    


ගොඩනැගිල්ලෙන් පිට උන ජිමින් අතුරු පාර දිගේ ඇවිදගෙන ආවා. අතුරු පාර අවසානය ප්‍රධාන මාර්ගය බව දැන සිටියත් කෑලි කපන්න පුළුවන් තරං කලුවරක් පාර පුරා පැතිර තිබුණා. වලාකුළු වලින් බර වෙලා තිබ්බ අහසේ හැංගිලා තිබුණ පුර හඳ සැරින් සැරේට වලාකුළු අතරින් පොඩි එළියක් ලබා දුන්න එක ජිමින්ට පාර දිගේ යන්න තවත් පහසුවක් උනා..

ප්‍රධාන පාරට මීටර සීයක විතර දුර තියද්දී ජිමින් පොඩි එළියක් දැක්කා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


ප්‍රධාන පාරට මීටර සීයක විතර දුර තියද්දී ජිමින් පොඩි එළියක් දැක්කා. එතන වාහනයක්.. " ඒ උන් ද.. උන් මාව හොයාගත්ත ද. උන්ගෙන් කී දෙනෙක් එතන ඇති ද" ජිමින් එයාගෙන් ම ප්‍රශ්න කරන්න ගත්තා.. පඳුරකට මුවා උන මේ පුංචිත්තා ගස් අතරින් හෙමින් වාහනය ළඟට ගියා.. එතන හිටියේ එක මනුස්සයෙක් විතරයි ... බැලූ බැල්මට වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් වගේ .ජිමින් ටිකක් වෙලා බලන් හිටියා ඒ අතරේ මේ මනුස්සයා තනියම කියවනවා...

" ආෂ්... තව කොච්චර වෙලාවක් මෙතන ඉන්න ද.. මේ මනුස්සයා හෙට උදේටද එන්නේ"

"වැඩ වල කිසි වගකීමක් නැ.."

ඒ කෙනා කාර් එක ඇතුලේ ඉඳන් එළියට ආවා.. ඔහුගෙ අතේ රැඳුණු දුරකථනයෙන් කෙනෙක්ව අමතන බව දැකපු ජිමින් තවත් කාර් එක දෙසට ලන් උනා. "මේ කෙනා කවුද කාටද මේ කතා කරන්නේ.. හරියට නොදැන මට උදවු ඉල්ලන කොහොමත් බෑ.. මට මෙතන වැඩි වෙලාවක් ඉන්නත් බෑ... "

📞 හියුන්... කෝ අනේ අර මනුස්සයා මන් දැන් පැය 2 ක් මෙතන මිනිහා එන්නේ සෝල් වල ඉඳන් ද..

📲 මොකක්.. මන් හිතුවේ කාර් එක හදාගෙන ඔයා එන ගමන් කියලා.. ටිකක් ඉන්න මන් කෝල් කරලා බලන්නම්..

📞 Hmm... ඉක්මනට බලලා එන්න කියන්න.

📲 හරි.. තව දෙයක්.. පණ්ඩිතය වගේ මේ රෑ අතන මෙතන ඇවිදින්නේ නැතුව කාර් එක ඇතුලට වෙලා ඉන්නවා..

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ