⛓️ 23 ⛓️

152 29 4
                                    

.
.
📞🐨 කවුද  මේ...

   එහා පැත්තෙන් ඇහුනේ ගොඩක් රළු හඬක්..

📞🐰  මම.......ජන්කුක්...

කුකී කිවුව දේ ජූන්ට පැහැදිලිව ඇහුනත් එයා මුලින්ම අනුමාන කරපු දේ නිවැරදි උන නිසා  ජූන්ට හොඳටම තරහ ආවා.. ඒ අතරේ ජිමින් එයාගෙ අතේ එල්ලිලා රිසිවරය ගන්න උත්සාහ කරන එක ජූන්ට තවත් තරහ වැඩි කරන දෙයක් උනා...

🐥 අනේ හියුන්... මගේ කුකී... අනේ මට එයා එක්ක වචනයක් කතා කරන්න දෙන්න...

🐨  මම කතා කරගන්නම්...දැන් යනවා room එකට...

   පලවෙනි වතාවට ජූන් එයාගෙ තරහ චිමී පිටින් පිට කරලා දැම්මා.. ජිමින්ගේ අත් දෙක එක අතකට අරගෙන එයාව ඈත් කරලා ජූන් අනික් පැත්ත හැරුණා...

🐥 මට බෑ හියුන්..මට කුකී එක්ක කතා කරන්න ඕනි... අනේ ඕක දෙන්න හියුන්...

   චිමී පොඩි ලමයෙක් වගේ එයා කෑගගහා දඟලන්න පටන් ගත්තා...ජූන්ගේ දරදඬු අත් වලින් ආයිමත් වතාවක් එයාව තදින් අල්ලගත්තා... ඒකෙන් උනේ එයා තවත් නොසන්සුන්කාරී උන එක...

🐨  කිවුවම අහල යනවා room එකට  මගේ  යකා අවුස්ස ගන්නේ නැතුව...

    ජිමින් නතර වෙන පාටක් නැති නිසා  රිසිවරය අතේ තියාගෙනම ජූන් චිමීගේ මූණට බර  උනේ  ඇස් රතු කරගෙන.. එයා මේ වෙලාවේ ඉන්නෙ සීමාවෙන් එහා කියලා ජිමින්ට තේරුණ නිසා  එයා සද්ද නැතුව බිම බලාගෙනම හිමින් එයාගෙ ඈත් වෙලා කාමරේට දුවගෙන ගියේ ඉකිබිඳිමින්... ඒ වගේම ජන්කුක් මේ හැම දෙයක්ම අහගෙන හිටියා..

   📞🐨 එතකොට තමුන්...ආයේ මෙහෙට කතා කරන්න හිතලා වත් තිබුනොත්... උබ  විතරක්  නෙවෙයි ... උබ ළඟ ඉන්න හැම එකාම මන් නැති කරනවා.... උඹ කැමති නම් උබේ ඉස්සරහ උන් විඳවලා මැරෙනවා බලන්න තවත් මේ වගේ දේවල් කරලා බලපන්...

හිතේ තිබුන තරහට හැම දෙයක්ම කියාගෙන ගිහින් ජූන් රිසිවරය තිබ්බෙ ජන්කුක්ට කිසිම අවස්ථාවක නොදීම..

ජන්කුක් මූණ බිමට බර කරගෙන ඉද්දි ජින් එයාගෙ උරහිසට අතක් තියද්දී කුකී එයා දිහා බැලුවා.. බෝල ඇස් වල කඳුළු පිරිලා...

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Unde poveștirile trăiesc. Descoperă acum