⛓️ 29 ⛓️

158 30 60
                                    

Cloud area _______

   ගස් වලින් වැසුණු කුඩා වනාන්තරයක ඇතුලට වෙන්න තිබුණු අධි ආරක්ෂිත කලාපයක සැඟවිලා තිබුණු cloud area එක සියලු පහසුකම් සහිත රජයේ  විශේෂිත වධකාගාරක්... cloud area එක ගැන මේ  වනවිට දැනුවත් වෙලා හිටියේ වත්මන් ජනපති, අගමැති වගේ කීප දෙනෙක් විතරයි... ඒ වගේම මේ වධකාගාරය ඇතුලට යන්න අවසර තිබුනේ විශේෂ නිලධාරීන්ගෙන් තෝරාගත්ත සුළු පිරිසකට පමණයි.. ඒ අවස්ථාව ජින්ට වගේම යුන්ගිට තිබුණු බව ජන්කුක්ට හැර අනිත් හැමොටම රහසක් උනා...
.
.
.
.

Few hours later ___

   ඔලුවට වැදුණු තද පාර නිසා සිහිය නැතුව හිටපු X එක පාරම සිහියට ආවේ අධික සීතල වතුර පාරකින් මුළු  ඇඟම නෑවිලා යද්දී...එයා වේගයෙන් හුස්ම ගන්න ගමන් හෙමින් ඇස් අරින්න උත්සහ කරද්දී X ට දැනුනේ එයාව හිර කරලා ඉන්නවා වගේ...ඇස් දෙක ඇරියත් වටපිටාව අපහැදිලිව පේන්න ගත්ත නිසා ඔලුව තදින් දෙපැත්තට ගසලා ආයිමත් වටපිට බැලුවා...මූණට වැටුනු කෙස් ගස් අතරින් හැම තැනම ඇස් යවලා බලද්දී තමයි තමන් ඉන්න තැන එයා හරියට දැක්කේ ..ඒත් මෙතන කොහෙද කියන්න Xට අදහසක් ගන්න අමාරු උනේ එයාව වටවෙලා තියන බිත්ති හතරෙන් එහා දෙයක් නොපෙනෙන නිසා...

🎭 හාහ්..හාහ්..ම්ග්හ්....

🐱 ම්..නැගිටපන්... රෙස්ට් කරා ඇති නේ....

    තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න කෙනා දිහා X බලාගෙන හිටියේ හැගිම් විරහිතව...ඒ වගේම එයා දැනගෙන හිටියා මෙතනින් එළියට යන එක පහසු දෙයක් නෙවෙයි කියන එක... ඒ වගේම මේ වෙද්දි එයාගෙ අත් තදින් බැඳලා තියනවා X දැක්කා...

🐱  ඕක ලේසියෙන් ගලවන්න පුළුවන් එකක් නෙවෙයි..

   X කට කොනින් හිනා වෙන ගමන් යුන්ගිගේ ඇස් වලින් එයාගෙ ඇස් අහකට ගත්තා..X ගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා එයාගෙ පැත්තට හරවලා මූණට එබෙන ගමන් යුන්ගි කතා කරේ X ගෙ ඇස් දිහා කෙලින් බලාගෙන...

 
🐱 මන් කොහොමද උබට කතා කරන්න ඕනි... MR.X ?....නැත්තන්..... Dark Lord ?....

🎭 හහ්...

   කට කොනින් සමච්චලයට වගේ හිනා උන X ගෙ හිනාව ටිකෙන් ටික මුළු කාමරේට පැතිරුණු හරිම භයානක විදිහට...

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Where stories live. Discover now