"එතකොට ඔයාට ඉගෙන ගන්න එක කොහොමද?"

"මට ටීචර්ලා කිව්වේ ඉගෙන ගන්න බෑ මූට සිහියක් නෑ කියලා. නිතරම අමතක වෙනවා වගෙම මට තිබ්බා හැමදේම ඔලුවට වද දෙන මානසික පීඩනයක්. යාලුවෝ එක්ක ආතල් ගද්දි හිටිය මම නෙවේ පංතියේ පොතේ අකුරු ඇහුලුවේ. නිතරම හැමදේම මට අමතක වෙද්දි අම්මා ඒකටත් අප්පච්චිට බනින නිසා කල් යද්දි මම මගෙ දේවල් ගෙදරින් හංගන්න පුරුදු වුනා."

"කොයි කාලේ වගෙද ඔය අමතක වෙන ගතිය ඉස්සරහට ආවේ."

"මම දන්න කාලේක ඉදලා ඒක මගෙ වටේම මිනිස්සු මට කිව්ව දෙයක් ඒ"

"එතකොට ඉස්කෝලේ කාලේදී තව රස දේවල් නැද්ද?" අශෝක සර් එහෙම ප්‍රශ්නයක් අහද්දි රුවන් අයියගෙ මූණේ ආයෙත් හිනාවක් පිපුනා. ඒ හිනාව ඒ තරම්ම ලස්සනයි.

"මගෙ සුදූව මම මුලින්ම දැක්ක දවස.... එදා මට තාම මතකයි. මගෙ හොදම යාලුවා ලහිරු කැමැත්තෙන් හිටිය කෞශල්‍යා නංගි.. එයාව දැක්ක දවසෙ ඉදන් මට සමහර දේවල් හිතෙන්න ගත්තේ සැහැල්ලුවකින් නෙවේ. ලහිරු පස්සෙන් ගියත් මම එයා ලගට යන්න ඕනේ කියලා මට හිතුනා. මගෙ යාලුවෙක් වුන සදලි මට සප් එක නිතරම දුන්නා සුදූව සෙට් කර ගන්න. එත් මට කලින් ලහිරු ඉක්මන් වුන නිසා මට සුදූව ඉස්කෝලේ කාලෙදී මග ඇරිලා ගියා."

"කවුද සදලි කියන්නෙ."

"එයා අපේ ගෙවල් උඩහා කුඹුරෙන් එහා හිටපු නංගි කෙනෙක්. එයා නිතරම මාත් එක්ක කතා කරනවා කෞශල්‍යා ගැන..."

"එයා වෙන මුකුත් ගැන ඔයා එක්ක කතා කරන්නෙ නැද්ද?"

"නෑ... එයයි මමයි නිතරම සුදූ ගැන තමයි කතා කරන්නෙ. එත් මොකක් කරන්නද සුදූව ලහිරු සෙට් කර ගත්තට පස්සෙ අවුරුදු 3ක්ම මම එයා දිහා දුර ඉදන් බලන් හිටියා  ඒ හැම වේලාවකම මත් එක්ක දුක බේදාගත්තෙ සදලි නංගි."

"දුක අහන නංගිව සෙට් කර ගත්තා නම් ඉවරනෙ." සතූගෙ කටින් එක පිටවුනාම ඒක ඩොක්ට අශෝකට එයාගෙ earbuds වලට ඇහෙන්න ඇති. එයා අපි දිහා බැලුවේ එකයි. 

"ඉතින් එයාව සෙට් කර ගන්න බැරි වුනේ ඇයි?" සතු අහපු දේම තමයි අශෝක ඇහුවෙත්.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Where stories live. Discover now