~හතලිස් දෙවන පින්න~

Start from the beginning
                                    

අද කට්ටියට කාමරත් තියෙනවානේ......

අයියා මලෝ දෙන්නා මං එක්ක...

නුවනායි චතුරයායි එකක....

දිලුමායි හර්ශයායි තව එකක....

පුංචිලයි නැන්දලායි ගිය හින්දා...., ඒ කාමර දෙක දුන්නා අරුන් හතර දෙනාට......

" ඇදුම්, ටවල්, ටූත් බ්‍රශ් එහෙම ගනිල්ලා ඈ..... "

ඔන්න අද කට්ටියම නාන්න යන්නේ.......

ඔව් ඔව්..... වැවට තමා..........

ඊයේ උදේ පොලොන්නරුවේ යන්න කලින් වැවට යන්න හැදුවාට.., නැගිටින්න පරක්කු උන නිසා යන්න උනේ නෑනේ.......

දැන් වෙලාව හයයි......

මේ ටයිම් එක තමා නාන්න හොදම වෙලාව...

හේන් වලට ගිහිල්ලා එන අය හවස හතර පහා වෙද්දී නාලා යනවා......

මේ වෙලාවට සෙනග නෑ එච්චරම....

" යමන් යමන්...... තව පරක්කු උනොත් අලි ගහලා මැරෙන්න වෙන්නේ....."

" ඇයි උඹ හිතුවාද අලි ඇති කරනවා කියලා අපේ ගමේ.... නිකන් ඉදපන් බං... දන්න දෙයක් කියපන්... මේ වෙලාවට අලි එලි බහින්නෑ..... අට නවය වෙනවා උන් එලි බහින්න....."

" හෙ හේ...... ඒමත් එකක්ත... "

වාචාල චතුරයා නොදන්න අලි ගැන කියෝලා..., දිලුමාගෙන් හොදට අහගෙන කට පියා ගත්තා........

" ඉක්මනට ගිහිල්ලා නාගෙන එන්ඩලා ළමයි...... තව රෑ වෙනකල් ඉන්ඩෙපා... වතුර හීතල වෙයි......."

ලොකු අම්මාත් ඇවිල්ලා අපිට ඉක්මනින් නාගෙන එන්න කිව්වා...

ඇත්ත.....

වාන ගාවට යන හින්දා එතන වතුර කොහොමත් හීතල වැඩියි.......

" යමල්ලා බං.... මොන මගුලක්ද තව කරන්නේ......."

" හරි හරි........ ඔන්න අඩුවට හිටපු එකා ආවා.... යමන් දැන්...."

මුන් තව කියව කියව ඉන්න හින්දා මම කෑ ගැහුවා.....

ඇයි යකෝ....... මොන මගුලක් කරනවාද මන්දන්නෑ........

ඔන්න අඩුවට හිටපු එකාත් ආවා.., කියලා දිලුමා කියද්දි තමා මං දැක්කේ අපි ඉන්න දිහාට එන හර්ශව......

~ පිනිපොද ~Where stories live. Discover now