~තිස්එක් වන පින්න~

503 107 30
                                    

Vote goal- 65

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov ,

එලාම් එක හරියටම හයට වැදුනා..,

ඊයේ රෑ නිදාගද්දී එකත් පහු උනා....

එතකොට ඒකට ඊයේ කියන්න බෑනේ...., අද පාන්දර නිදාගත්තේ....

අද හත වෙද්දි ඉස්කෝලේට යන්න ඕන.....

එලාම් එක ඕෆ් කරලා ඇදෙන් නැගිටලා ටවල් එක අරන් බාතෲම් එකට ගියා.....

එලියේ එකට තමා ගියේ..., ඇතුලේ එකේ පොඩී නානවා.... එයත් දැන් නැගිටින්න ඇත්තේ......

ඊයේ රෑ කැවුම් හදලා ඉවර වෙනකල්ම හේශව්, හේශව්ලාගේ අම්මා, ගගන , හේශව් ලාගෙ තාත්තාත් හිටියා.....

කියන්න බැරි උනානේ.......,

ඊයේ රෑ දහයත් පහු වෙලා හේශව් ලාගේ තාත්තා ආවා අපේ දිහා.....

එයා කෑම අරන් ඇවිල්ලා.....,

නැන්දා කෝල් එකක් දීලා කියලා අංකල්ට රෑට කෑම අරන් අපේ ගෙදර එන්න කියලා......

ඉතින් අංකල් නාසිගුරාන් වගයක් අරගෙන ආවා......

ඇත්තටම ඒක පට්ට රසයි.....

අංකල් උනු උනුවෙන්ම ගෙනාව හින්දා අපි ඒක එවෙලෙම කෑවා....

කොහොම හරි වැඩ ඉවර වෙනකල්ම එයාලා හිටපු හින්දාම එහෙමකට කියලා නිදිමතකුත් ආවෙ නෑ......

ඕප දූප ඇති කෙල්ලනේ.....

මං නාලා ඉවරයි..., දැන් ලෑස්ති වෙන්න ඕන......

මං ඇග පිහ දාගෙන ටවල් එක ඇදගෙන ඉක්මනින් කාමරේට ආවා..... අරකි තාම බාතෲම් එකේ.....

" පොඩී.......... තමුසේ ඕකේ දිය වෙලාද..... ඉක්මනින් ලෑස්ති වෙනවා...... හයයි විසි පහයි...."

" හරි හරි වදේ....... ඉවරයි ඉවරයි.... ඇග පිහිනවා මම...."

" ඉක්මන් කරපිය..... අර සරන් ඇදගෙන බයික් එකේ යන්නත් එපැයි...."

කාමරේ ඉදන්ම අරකිට කෑ ගහලා මං ලෑස්ති උනා.....

අද සරමක් එපැයි ඇදගෙන යන්න....

ඒ උනාට මං සරම අදින්න කලින් ට්‍රෞසර් එකක් ඇදගත්තා.....

මට මගේ සරම ශුවර්...., ඒත් මට පන්තියේ සනුහරේ සතේකට විශ්වාස නෑ..... බැරි වෙලාවත් ඕක ඇදලා දැම්මොත් මගෙ සායම ඉවරයිනේ......

~ පිනිපොද ~Where stories live. Discover now