~විසිදෙවන පින්න~

688 125 15
                                    

ආදිත්‍ය pov ,

මං හේශව් එක්කම කාමරේට ආවා.......

උඩ තට්ටුවේ කෙලවරේම බැල්කනි එක තිබ්බ කාමරේ එයාගේ......

එතනට ගිහිල්ලා බැලුවාම වටේම පේනවා........

යකෝ .......... අපේ ගෙදරත් පේනවානේ.......

මං ආයම කාමරේට ආවා.......

මේකා පොත් මේසෙ අස් කරනවා...

බිත්ති තුනක් සුදුපාටින් පෙයින්ට් කරලා එක බිත්තියක් විතරක් ලා නිල් පාටින් ගාලා......

සුදු පාට කර්ට්න්......

ලොකු ඇදක්
පොත් මේසයක්
අල්මාරියක්
බෙඩ් කබඩ් එකක්
කන්නාඩි මේසයක්
කාමරේටම ඇටෑච් බාතෲම් එකක්....
සිවිලිම් කරලා.......
උඩ කැරකෙන ෆෑන් එකක්....

අපෙ ගෙදරත් සිවිලිමක් තියෙනවා හැබැයි.....

ලස්සනයි........ හරිම පිලිවලයි......

මං කාමරේ බලනකල් හේශව් නම් පොත් මේසෙට හේත්තු වෙලා අත් දෙක බැදන් ඉන්නවා......

අපේ නංගිගෙයි මගෙයි කාමර දෙක එකතු කරත් මෙච්චර ලොකු නෑ......

සල්ලි තියෙනවා නම් මොනාද බැරි නේ......

මං කාමරේ වටේම බලලා හේශව් දිහා බැලුවා......

" කොහොමද මගෙ කාමරේ?...."

මේකා මගෙන් හිනා වීගෙන ඇහි බැමක් උස්සලා ඇහුවා........

" ම්ම්...... හොදයි....."

එච්චරයි........ කොහොමත් මං කොච්චර මොනා හිතුවා උනත්, මගෙ කටින් පිට වෙන්නේ වචන දෙක තුනක් විතරයි.......

" එච්චරයිද?........ වෙන කියන්න දෙයක් නෑ....... ?"

මේකා ආයම මගෙන් අහපි...... මං ඔලුව දෙපැත්තට හොල්ලලා නෑ කියලා කිව්වා.....

යකෝ මෙකාට මගෙ වචනෙන් සෑහෙන්න බෑනේ.......

පොඩී...... උබේ මස්සිනා නම් ලේසි නෑ කෙල්ලේ ඈ.......

" ආපෝ........ ඔය කටින් වචනයක් ගන්න පුදූම අමාරුවක් නේ තියෙන්නේ....... පුදුම ලොකු කමක් නේ...."

මටත් රවලා තමා මේකා මේ කියන්නේ.......

ඇද ලග හිටපු මම හිමීට හේශව් ලගට කිට්ටු උනා....

~ පිනිපොද ~Where stories live. Discover now