~තිස්නව වන පින්න~

505 102 31
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

අර ඇවිල්ලා තියෙන වාහන දෙක දැකලා , ගගන කිව්වේ ඒ ඇවිල්ලා ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න කියලා....

ඒකනේ අතේ දුරින් තියාගන්න කිව්වෙව්......

වාහනේටම වෙලා ඉන්න බැරි හින්දා.., අපි වාහනෙන් බැස්සා.....

ගෙනාපු බෑගුත් කරේ එල්ලගෙන අපි හේශව්ලාගේ අම්මලා ඉන්න තැනට ගියා.......

" ළමයිනේ........ ඇතුලට යන්න කලින් කියන්නේ...., ඔය ඇතුලේ ඉන්න අයගෙන්  නම් පරිස්සම් වෙන්න.... කතා බහා නම් නොකරන තරනටම හොදයි...."

" මං ඒක තමා කිව්වේ තාත්ති..."

" එහෙනම් හරිනේ..., මුන් එනවා කියලා දන්නවා නම් මං එන්නෙත් නෑ., දැන් ආව එකේ යමු.. හැබැයි කෙල්ලනේ කොල්ලනේ පරිස්සමෙන් හරී... "

අපි ඉතින් ඔලුව වනලා එයාලා එක්කම ඇතුලට ගියා....

හැම පවුලකම ඉන්නවානේ ඔහොම කාලකන්නී....

අපේ පවුලේ නම් තාත්තාගේ පැත්තේ තමා..,

හේශව්ලාගේ නම් අම්මාගේ පැත්තේ වගේ.....

බලමුකෝ ඇතුලට ගිහිල්ලාම....

අපි සාලෙට යද්දිම වයසක ආච්චි කෙනෙක් ආවා අපි ඉස්සරහාට.....

" අනේ... මගෙ කෙල්ල ඇවිල්ලානේ....., ආ..., මේ තව කට්ටියක් ඉන්නෙ..., කවුද චූටී මැණිකේ මේ..?"

ඒ ආච්චි හේශව්ලාගෙ අම්මාට කතා කරේ චූටී මැනිකනේ කියලා... ඊට පස්සේ අපි කව්ද කියලාත් ඇහුවේ අපිව පෙන්නලා....

"මේ අපේ ලොකු බබාගෙයි චූටී බබාගෙයි යාලුවො කට්ටියක් අම්මේ..... මේ දරුවෝ දෙන්නා සීගිරියේ... අපි ඊයේ ඒ ළමයින්ගේ දිහා ඉදලා තමා ආවේ.... ඉතින් ඒ එක්කම අපි මෙයාලවත් එක්කන් ආවා...."

" ආනේ.... යමු කට්ටියම ඇතුලට.. අද කාලෙකින් මුලු ගේම පිරිලා.... ඔන්න අද අක්කායි අයියායිත් ඇවිල්ලා ඉන්නේ චූටී මැනිකේ... "

ඒ ආච්චි නම් සතුටින් අපි ආව හින්දා...., තනියම ඉන්න හින්දා අපි ආව එකට සතුටු ඇති.....

~ පිනිපොද ~Where stories live. Discover now