~එකොළොස්වන පින්න~

604 123 21
                                    

ආදිත්‍ය pov,

මං ගෙදර ආව විදියටම නංගි දැනගෙන මං ඉන්නේ තරහින් කියලා........ ඒ හින්දා එයා මට කරදර කරන්න ආවේ නෑ.....

ආපු ගමන් නාලා කෑව මම එහෙම්මම කාමරේට ආවේ නිදාගන්න.......

අද අපි පාඩම් කරන්න පටන් ගන්න දවස...... ඒත් අරුන් දෙන්නා එයිද කියලා මට ශුවර් නෑ........

ඕවා ගැන හිත හිත හිටපු මාව දන්නැතුවම නින්දට වැටුනා......

නිදාගෙන හිටපු මාව ඇහැරුනේ කට්ටියක් හයියෙන් කතා කර කර හිනා වෙන නිසා.......

කොට්ටේ යට තිබ්බ පෝන් එකෙන් වෙලාව බැලුව මාව නිකන්ම ඇදේ ඉන්දුනා.........

හයයි පනහයි....... දෙයියනේ...... මං එච්චර නිදාගත්තාද.......

දඩි බිඩි ගාලා ඇදෙන් නැගිට්ට මම එහෙම්මම බාතෲම් එකට රිංගගෙන දත් මැදලා මූන සෝදගත්තේ දවල් නෑව හින්දා....

මූන හෝදගෙන කාමරේට ඇවිල්ලා මූන පිහදාලා කොන්ඩේ පීරගෙන සාලේ පැත්තට ගියා......

මුලු සාලෙම හදුන්කූරු සුවදයි සමන්පිච්ච මල් සුවදයි..... හැමදාම හවසට ඉතින් ඔය සුවද මේ සාලෙම වහගන්නවා..... මොකද පහන තියන්න කලින් ජනෙල් දොරවල් සාමාන්‍යයෙන් වහන නිසා ඔය සුවද ගෙයින් එලියට යන්නේ නෑ ලේසියකට. මදුරුවො ගෙට රිංගන නිසා කලින් දොර ජනෙල් වහනවා....

කුස්සිය පැත්තෙන් ඇහෙන සද්ද බද්ද නිසාම මං ඒ පැත්තට අඩිය තිබ්බා......

එන්නේ නැති වෙයි කියලා හිතුවත් එයාලා ඇවිල්ලා.....

මං එනවා දැකලාද කොහෙදෝ කට්ටියගෙ කට වල් වැහුනා.

තුන් දෙනා උයනවා......

" නැගිට්ටාද ලොකු....."

පොඩී අහනකොට මං ඔලුව වැනුවා විතරයි.....

"ලොකූ...... බෝතලේ වතුර තියෙනවා...... අපිටත් එක්ක තේ හදන්න පුලුවන්ද?.......

අනේ...... මේකිට යකෝ........ දැන් මේ ගෙම්බෝ දෙන්නාටත් තේ හදන්න එපැයි......... බෑ කියන්න බැරි නිසා මං මගෙයි නංගිගෙයි කෝප්ප දෙකයි පැන්ට්‍රියේ තිබ්බ පීරිසි කෝප්ප දෙකකු‍යි අරගෙන හෝදන්න ගත්තා.........

~ පිනිපොද ~Where stories live. Discover now