~පළමුවන පින්න~

1.1K 145 15
                                    

" ලොකූ........ නංගි එක්ක එන්න කෑම කන්න. අනේ මන්දා මේ ළමයි තාම උදේට කෑවෙත් නෑ......"

" ඉන්න ලොකු අම්මේ....... මං අයියා එක්ක එන්නම් මේ ටික අස් කරලා...."

" මෙන්න මෙහෙ ඇවිල්ලා කාපල්ලා දෙන්නාම. දැන් කෑවේ නැත්තං පුංචිලා ආවහම කන්න වෙන්නේ නෑ. නවයත් පහු වෙලා. සුරේ........ ඔන්න ඔය ළමයි දෙන්නාව එවන්න ඒයි...... මුන් නැත්තං නොකා නොබී යයි. ඒ තරම් තදියම මුන් දෙන්නාට."

" ලොකූ ඔය වැඩේ තියලා ගිහිල්ලා කාපල්ලා දෙන්නාම. තව පැය බාගයක් යද්දී පුංචිලා එනවා මෙහෙට්ට. එතකොට ආයම කනවා බොරු..... ඒ නිසා ලොකු අම්මාව කෑ නොගස්සා ගිහිල්ලා කාපන්. මං මුන් එක්ක එකතු වෙලා ලොරි දෙකට බඩු පටවන්නම්."

" හරි ලොකු තාත්තේ. අපි ඉක්මනින් කාලා එන්නම්. පොඩී එනවා...... කාලා ඉන්න."

" හරි ලොකූ යං."

අද තමා ආදිලා කොළඹ යන දවස..... එදා ලොකු අම්මාත් එක්ක කතා කරලා විස්තරේ කියලා සති දෙකක් යනකොට ඉඩම් දෙක හිතුවටත් වඩා ලොකු ගානකට විකුනගන්න පුලුවන් උනා.......

පුංචිලාට ගෙදරක් හොයන්න කියලා කලින්ම කියපු නිසා ; පුංචිලාගේ ගෙවල් වලට කිලෝමීටර් එක හමාරක් වගේ දුරකින් පොඩි ගෙයක් ගන්න පුලුවන් උනා. මුලින් මුලින් පුංචියි බාප්පායි ඒ දෙන්නාව තනියම තියන්න අදි මදි කරත් ආදිලා දෙන්නාගේ පෙරැත්ත කිරීම නිසාම එයාලා කැමති උනේ බෑ කියන්න බැරි කමට."

ලොකු අම්මාත් එක්ක කතා කර කර කකා හිටපු ආදිලා දෙන්නාට වත්තට වාහනයක් දාන සද්දයක් ඇහුනා. වාහනේ සද්දෙන්ම එයාලා අදුරගත්තා ඒ පුංචිලාගේ වාහනේ කියලා......

" ඔන්න පුංචිලා ආවා ලොකු අම්මා."

" හා හා.... කවුරු ආවත් කමක් නෑ. ඕක කාලා මිසක් අයියා නගෝ නැගිටින්නේ නෑ. "

දෙන්නාටම තරවටු කරපු ලොකු අම්මා ගෙදර ඉස්සරහාට ගියේ නෑනව පිලිගන්න........










" එන්න නංගි ගෙට....... මල්ලි ඔයාත් එන්න....... කෝ කොල්ලයි කෙල්ලයි......?"

" ආ... එයාලා ආවේ නෑ අක්කේ. උදේම පංතියක්. ඒ නිසා ආවේ නෑ දෙන්නා. 12ට පංතිය ඉවරයි. පංතිය ඉවර වෙලා දෙන්නා එක්ක ලොකූ ලට ගත්ත ගෙදර අස්පස් කරලා දාන්නම් කියලා නැවතුනා දෙන්නා........."

~ පිනිපොද ~Where stories live. Discover now