~විසිඅට වන පින්න~

521 112 54
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

දැන් වෙලාව අටයි විස්සයි....

අද පාඩම් ඉල්ලේ...... ඇබරැල්ලා කෑවනේ අපි......

ඉතින් හැමදාම පාඩම් කරන එකේ අපි අද වෙනසකට එක්කම කට්ටිය එක්ක එකතු වෙලා උයන්න ගත්තා......

මුන් හැමදාම අපි හදන එව්වා හරි ගෙවල් වලින් එවන එව්වා හරි ගිලිනවා මිසක් උයාගෙන කාලා නෑනේ....... ඉතින් අද උන්ටම කියලා උයව ගන්නවා..... අපි දෙන්නාත් ලග ඉන්නවා.., නැත්තං අද කන්න වෙන්නේ ජීවිතේට නොකාපුවා තමා....

මුන් උයන්න කොච්චර දන්නවාද කියලා කිව්වොත්......, අල හොද්ද හදන්න බඩු ටික ෆ්‍රිජ් එකෙන් ගන්න කිව්වාම...... තක්කාලි , කැරට්, ගෝවත් අරගෙන තිබ්බා... යකෝ මුන්ට මොලේ නැද්ද?...... උයන්නම ඕන නෑ...., අල කද්දිවත් ඒකට දාලා තියෙන දේවල් හොයා ගන්න බැරිද...., අල  කද්දී කැරටුයි තක්කාලියි ගෝවායි හැපුනාද දන්නෑ මුන්ට...... හෙනා.....ම මාන්ජමිකයි අනේ මුන්......

මං මේ ලූණු කොල කපනවා.....

විශේශ දෙයක් නෑ.....

අද රෑට නූඩ්ල්ස් කැරට් ලීක්ට් බිත්තර දාලා තෙම්පරාදු කරලා.., ඒක කන්න අල තම්බලා කිරි හොද්දක් හදලා චිකන් හොද කට සැරට හදනවා......

ගගන මස් කපනවා..... මූ හැබැයි දිගටම ඔහොම කැපුවොත් අද අපිට මස් එකෙන්  මුගේ  ඇගිලි වල රසත් බලන්න පුලුවන්......

දිලුමා තම්බපු අල වල පොත්ත සුද්ද කරනවා.........

හර්ශයා පොල් ගානවා.....

එතකොට මගේ ප්‍රියම්බිකයා...... ඒ නම හරි නේද.....? ප්‍රියම්බිකාව කියන්න බෑනේ..... මූ පුරුශ ලිංගනේ..... ඒ හින්දා ප්‍රියම්බිකයා කියමූ...... අනේ ඕන පකක්....... ඌ අපේ කුමාරි හාමි එක්ක කියව කියව ලග තියෙන තම්බලා වතුර පෙරෙන්න දාපු නූඩ්ල්ස් එකට වැඩේ දෙනවා.... ඉදපන්කෝ...... බෙදද්දී උඹට අඩුවෙන් බෙදන්නේ.......

එතෝට මගේ කුමාරි හාමි ඉගුරු සුදුලූණු සුද්ද කරනවා.....

ඔය ඉගුරු සුදුලූනූ එකට දාලා තලලා අරගෙන කෑම හදද්දී තෙලට දැම්මාම පලාතම සුවදයි අප්පා..... රසත් ඒ වගේමයි එතකොට.....

~ පිනිපොද ~Where stories live. Discover now