~පස්වන පින්න~

677 135 19
                                    

ආදිත්‍ය pov,

ලොක් කරපු ගේට්ටුව මගෙ ලග තිබ්බ යතුරෙන් ඇරියා විතරයි, අපේ එකී සොනික් වගේ දිව්වා ගෙදර දොර ගාවට.....

දොරට එහායින් පේමන්ට් එකේ තිබ්බ ඇන්තූරියම් මල් පෝච්චි පේලියෙන් තුන් වෙනි මල් පෝච්චිය උස්සලා යතුර ගත්ත නංගි ඉක්මනින් දොර ඇරලා උඩ පැන පැන කුස්සියට ගියේ කරේ තිබ්බ බෑග් එකත් එතනම තිබ්බ පුටුවට ඇතෑරලා.......  මේකිට මොකද මේ තදියම........

පුංචි දුන්න කෑම ටික බදාගෙන කුස්සියට ගියපු පොඩී ඉක්මනින් ඉක්මනින් ඒ පෙට්ටි වල පියන් ගලවලා දැම්මා...

ඔය එන්නේ සුවද...... පුංචි චිකන් හදලා වගේ........ යකෝ......... මේකී ඊයෙත් ගිල්ලා නේද..... පුදූම පෙරේට කමක් මේකි චිකන් වලට තියෙන්නේ. චිකන් විතරක් නෙවෙයි ඕනම මස් ජාතියක් ඕකි ගිලිනවා.......

මේකි මේ හඩු පිටින් ගිලින්ඩ හදන්නේ........ ඉදපන්කෝ අද උබට...

ඉක්මනින් නංගි ලගට ගියපු මම දුන්නා දේයි ගාලා පිට හරහාට එකක්. මේකිට කොච්චර කියලා තියෙනවාද ඉස්කෝලේ ගිහිල්ලා ආවහම නාලා ඉදපන් මොක කරන්නත් කියලා. කොහෙද මේකිගේ පෙරේතකම ඉහට ගහලානේ.......

" අහ්.........ව්........ මොකද මෝඩයො ගහන්නේ. බලනවාකෝ  පිට පැලුනාද කොහෙද? "

ම්ම්ම්......... පාර සැරටම වැදිලා ඒකනේ ඇස් වල ලාවට කදුලුත් තියෙන්නේ.

" ආදී.......... මගෙන් තව පාරක් නොකා ගිහිල්ලා නාලා වරෙන්. මෙතන ඉස්කෝලේ ගිහිල්ලා ජරාව එක්ක ඉදලා ඉදලා ඒ කුනු එක්කම ඇගක් පතක් හෝදන්නැතුව ගිලින්න හදනවා. පුදුම පෙරේතකමක් නේ යකෝ මේක. ඈ බං උබ හිතුවාද මං මේ චිකනුයි බෝංචියි ඔක්කොම ටික ගිලියි කියලා. එහෙමත් නැත්තං මෙව්වා පැනලා යයි කියලා හිතුවාද? පල පල.......පල ගිහිල්ලා හොදට නාලා වරෙන්. ඇතුලෙ එකෙන් නාපන්. නැත්තං උබ එලියේ එකට ගිහිල්ලා මී හරකා වගේ බහියි ටැංකියට....  පලයන් ඉතින්... මගෙ මූන දිහා තවත් බලන් ඉන්නැතුව......"

" හරි හරි වදේ යනවා....... මුගෙ ගෑස් බලපන්කෝ....."

මේකි මට කුටු කුටු ගගා බැන බැන ගියා. මං ඉතින් ඇහුනාත් නෑ වගේ හිටියා. ඕකි කවදාවත් මට ඇහෙන්න බයින්නෑ. දන්නවානේ ඉතින් යකාගේ තරම.


~ පිනිපොද ~Where stories live. Discover now