~තිස් වන පින්න~

516 101 36
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

මං ඉස්සරහාට ගිහිල්ලා ගේට්ටුව අරිද්දි නැන්දම්මා විතරක් නෙවෙයි මස්සිනායි හේශවුයි තුන් දෙනාම ගේට්ටුව ලග හිටන් හිටියා....

තුන් දෙනාගෙම අතේ ශොපින් බෑග්....... මොනවා එල්ලන් ආවද දන්නෑ........

" එන්න නැන්දේ ඇතුලට....."

මං ගේට්ටුවෙන් පොඩ්ඩක් එහාට වෙලා නැන්දාට ඇතුලට එන්න කිව්වා..... ඒ එක්කම අර දෙන්නාත් ආව හින්දා මං ගේට්ටුව ආපිට වහලා ලොක් කරලා දැම්මා.....

" කෝ පුතා දෝණි...?"

" එයා කුස්සියේ...... අළුවා හදන්න පිටි බදිනවා...... මං හවසනේ හාල් එක කොටන් ආවේ..."

" එහෙනම් ඉක්මනින් යන්..... පවු... කෙල්ල තනියම වැඩ..."

නංගි කෝ අහපු නැන්දම්මා, අලුවා හදන්න පිටි බදිනවා කිව්වා විතරයි..., කෙල්ල තනියම වැඩ කියලා ඉක්මනින් යමු කියලා මං එන්ඩත් කලින්ම ඇතුලට ගියා..... ගගනත් ඒ පස්සෙන්ම ගිය හින්දා ඉතුරු උනේ මායි මගේ චූටි බබායි විතරයි......

හේශව්ගේ අතින් ඇදගෙන මං බෙන්ච් එක ලගට ගියා.......

ඊයේ දැක්කාට පස්සේ දැන්නේ දකින්නේ.....

"නෑවද........? ස්ට්‍රෝබෙරි සුවදයි..."

බෙන්ච් එකෙන් ඉදගෙන මම හේශව්ව මගේ ඔඩොක්කුවෙන් ඉන්දවගත්තා.......

එයාව බදාගෙන එයාගේ බෙල්ල අස්සේ මූන ඔබා ගත්තු මට අදත් ආවේ හැමදාම එයා ලග එන ස්ට්‍රෝබෙරි සුවද......මේකා ස්ට්‍රෝබෙරි පිස්සෙක්ද කොහෙද.....

" ඕ..... දැන් නාපු ගමන් ආවේ අනේ....... අද අපේ ගෙදරත් සුද්ද කරානේ...... ගොඩාක් අස් කරන්න තිබ්බා..... මාලු පොකුන සුද්ද කරා..... වැඩ ගොඩයි..... එපා වෙලා හිටියේ........ ඒ සුද්ද කරලා තමා නාගෙන අනික් අතට මෙහෙ ආවේ......."

කිව්වා නේද මම...... ඉස්සර බස්සා  වගේ හිටපු එකා දැන් කියවන්න ගත්තාම බ්‍රේක් නෑ..... දැන්ද නෑවේ කියලා ඇහුවාම ගේ අස් කරපු එකේ ඉදන් කියෙව්වා... ඉස්කෝලේ උන් එහෙම මේකා මේ කියවන කියවිල්ල දැක්කා නම් උන්ට පපුවේ අමාරුවත් හැදෙනවා.... ඇයි ඉතින් හිට්ලර් වගේනේ ඉන්නෙ ඉස්කොලේ.....

~ පිනිපොද ~Where stories live. Discover now