~විසිනව වන පින්න~

493 101 39
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

නිදාගෙන හිටපු මම එක පාරටම ඇහැරුනේ හීනෙන් පඩිපෙලකින් වැටෙන්න ගිය හින්දා.....

මේ වටේ කැරකෙන ආත්මත් මගේ ඇගට මොන ලබ්බකට ඇතුල් වෙන්න හදනවාද මන්දා..... යකෝ මගේ ආත්මේ වටයක් ගහලා එනකල් ඉන්න දෙන්න එපැයි..... කෑවා මගේ නින්ද..... Thiricana....

මං එහෙම්මම කොට්ටේ යට තිබ්බ පෝන් එක අරන් වෙලාව බැලුවා.....

හතයි එකොළහයි.......

ආය ඉතින් නිදියන්න වෙලාවක් නෑනේ..... අනික පොඩීත් දැන් ඇහැරලා ඇති.....

අද අප්‍රේල් දහය.... අපි දෙන්නා කතා උනේ අද ගෙදරයි වත්තයි අස් කරලා දාන්න....

අලුත් අවුරුද්දක් එද්දි මේවා අලුත් කරලා ගන්න ඕනනේ......

වැදගත්ම දේ......, එදා මගෙන් ගුටි කෑව නංගිව මං ඊට පහුවදාම යාලු කරගත්තා..... මං ඉතින් ඒවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි නේ....

යාලු කරගත්ත විදිය නම් රහසක්.......

හැබැයි ගගනයාව නම් අපේ එකී ගනන් ගත්තෙම නෑ......

පාඩම් කරන්න ආවා උනත් අපේ එකී ගගන උගන්නන ඒවා ඉගෙන ගත්තේ නෑ....... අඩුම අහන් වත් හිටියේ නෑ......

අපි පාඩම් කරන්නේ කෑම මේසෙනේ.....

මේකී ඒකේ කෙලවරේම ඉදගෙන පෝන් එක අරන්..., U tube වල revision පාඩම් අර ඇබ දෙක ගහගෙන ඇහුවා..... හැබැයි ගගනයාට නම් පට්ට අවුල.... ඌට කරන්න දෙයක් නැති කමට ඌ අපිට උගන්නන්න ආවා මිසක් අපේ එකීගේ මහා පඩත්තර කතා හින්දා ඌට ඒකත් එපා වෙලා තිබ්බේ..... කොච්චර එපා උනාද කියනවා නම්.., ඌ අපේ ගෙදර උයට දවසට කන්න කෑම එකක් ගෙදරින්ම අරන් ආවා.... අපි කොච්චර එපා කිව්වාත් ඌ ඇහුවේ නෑ..... මං අපේ එකීට කොච්චර කිව්වාත් ඕක දැන් ඇති කියලා මේකි නෙවෙයි ගගන් ගත්තේ.....

කොහොම මොනා උනත් අපේ එකී නම් නැන්දම්මා ගේන හැම කෑමම කිසි අවුලක් නැතුව ගිල්ලා...

එයාලත් දන්නවා ගගන එක්ක පොඩී තරහයි කියලා.... ඒත් එයාලා මොකුත් කියව්වේ නෑ.... එයාලම ඒවා විසදගයි කියලා කිව්වා....

~ පිනිපොද ~Where stories live. Discover now