~තිස්හතර වන පින්න~

442 109 11
                                    

Vote goal- 65

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

අද අවුරුදු.......,

මං මේ මිදුල අතුගානවා කෙල්ලනේ.......

පහ හමාරට අපේකී මාව ඇහැරව්වා.....

ඉපදීමම දුකක් කියලා තේරෙන්නේ පාන්දරට නැගිටින්න ගියාම......

අනික මොකාද දන්නෑ මහා පාන්දර නැකත් තිබ්බ අමනයා......

ඇයි යකෝ..... හය හමාර වෙද්දි සියලු වැඩ අත්තාරින්න ඕනලු....

පහා හමාරට නැගිටවලා නෙස්ටර්මෝල්ට් එක එක්ක නූඩල්ස් කන්න දීලා මාව මිදුල අතුගාන්න යැව්වා.......

අනේ නැකත් තිබ්බ උඹර්ට හෙන ගහනවා යකෝ........

ඊයේ අරකි මට නිදාගන්න දුන්නෑ...., පාන්දර එක දෙක වෙනකල්ම මගෙන් වැඩ ගත්තා.....

" ඕයි ලොකූ..... හයයි පහයි වෙලාව.... ඉක්මනින් අතුගානවාකෝ.... තවුසේ තාම නාලත් නෑ නේද.... ඉකමන් කරපිය..... මං ගෙවල් අස් කරලාත් ඉවරයි..."

" අනේ හිටපන්.... උබ හිතුවාද මං මැශිමක් කියලා.... උබ කියන කියන එක ඔටෝ වෙන්නෑ..... මේ ටික විතරයි තියෙන්නේ...... මං ඉක්මන්ට එන්නම්...."

"හා හා... ඉකමනට... තවුසෙට හේශව්ව බලන්න යන්න කිව්වා නම් එයි...."

දැක්කානේ..... ඕකිට කොච්චර කරත් වැඩක් නෑ......

මං මැශිමක් යෑ..... පිස්සු ගෑනි....

මං ඉක්මනින් මිදුල අතු ගාලා එලියෙ බාතෲම් එකෙන්ම එහෙම්මම නාගත්තා.....

පොඩී ටවල් එක ගෙනල්ලා තියලා... මං ගැනත් හිතනවා එහෙනම් නේ......

මං නාගෙන ටග් ගාලා ඇග පිහගෙන ටවල් එක පිටින්ම ගෙට ඇවිල්ලා කාමරේට ගිහිල්ලා අලුතින්ම ගත්ත ශෝටකුයි ශ(ර්)ට් එකකුයි ඇදගෙන සාලෙට ගියා.....

නංගි ටීවි එක ඉස්සරහා....

"නොනගතය ලැබීමට තව ඇත්තේ මිනිත්තු 04.21 යි..."

දෙරණේ කළා ගමේ අවුරුදු යනවා....

ටීවී එකේ උඩින් නොනගතය ලබන්න තව කොච්චර වෙලාවක් යනවාද කියලා දාලා තියෙනවා...

~ පිනිපොද ~Where stories live. Discover now