මගේ දෙයියනේ!!!

සුදූ පාට බිත්තී පුරාවට ලේ අත් පාරවල්...මගේ කොදු ඇට පේලියම වෙව්ලන්න ගත්තා...

"ෆෙ..ලෙ.ස්තෙ..."

"අල්..ලාහ්"

චරා.....ස්...

පියානෝ එක ලග තිබ්බ පොඩි පුටුව පිටිපස්සට ඇදිලා ගියා...මුලු කාමරේම එක සැරේ සීතලකින් වැහුනා..මගේ ඇටකටු පවා සීතල වුනා ඒ සීතලට......රැසියාවේ ශීත ඍතුවටත් වඩා හපන් මෙතන තිබ්බ සීතල....කොටින්ම කියනවනම් ඒ සීතලට මගේ අත ගල් වුනා..මම පට ගාලා එක අතක් සාක්කුවට දාගත්තා..එත් ටික ටික ඒ සීතල නැති වුනත් එක්කම අපහු සැරයක් අර පියානෝ එකේ පුටුව හෙලවුනා..මේ සැරේ ඒක ලාවට ඉස්සිලා ඉස්සරහට ගියා...

චරා..ස්ස්..

මුලු කාමරේම ඝනම ඝන ලෝහ සුවදකින් නෑවිලා ගියා...කාමරේ අස්සක් මුල්ලක් නෑරම ඒ ගද පැතිරැනා...ඒක කොච්චර දරැනුද කියනවා නම් අනාස් ඔලුව අල්ලගෙන බිමට නැමුනා...මගේ ඔලුවත් කකියනවා..zeeva ව විසී වෙලා ගිහින් බිත්තියේ වැදුනා....මට හුස්ම ගන්න බෑ ඔක්කාරෙට එනවා...දිවට තිත්ත රසක් එනකොට මට තේරැනා මේ එන්නේ අමූ ලේ ගදක් කියලා......

මට ඇහුනා "middle C." එක වැදෙනවා....

දෙවියනේ!!!

මම හිතන්නේ මම පැරලයිස් වුනා..."middle C."එක පියානෝ එකෙන් ඇහුනා..ඒත් එක්කම වගේ higher pitch එකක් හදන්න D නෝට් එක ගැහුවා...මට පේනවා කීබෝර්ඩ් එකේ කීස් උඩට පල්ලෙහාට යනවා....ඒක හරි මන්දගාමී විදියට සිද්ද වුනත් හෙනම දුක හිතෙන විදියට යන්නේ...අනේ දෙවියනේ....මට අඩුම ගානේ කතා කරන්නවත් පන තිබ්බේ නෑ... මම තට්ටම් වලින් බඩගාගෙන පිටිපස්සට ගියා..දැන් මායි අනිත් උන් දෙන්නයි ඉන්නේ එකට..අපි අත් වලින් අල්ල ගත්තා...

ඒ වාදනය එන්න එන්න ගැබුරැ වෙන්න ගත්තා...තිබ්බටත් වඩා එන්න එන්න මුලු කාමරේම සීතල වෙලා අර අමූ ලේ ගද පැතිරෙන්න ගත්තා......මගේ ඇග පුරා හෙනයක් පුපුරලා ගියා වගේ මට දැනුනේ.. මෙච්චර වෙලා කාටත් හොරාවට පියානෝ එක නැවතුනත් ඒ ශෝකාන්තයම තාම කාමරේ පුරාවට සැරිසැරැවා...

අනේ දෙවියනේ!!!

මෙච්චර වෙලා අපේ ඇස් වලට පේන්න නැතුව හැන්ගිලා හිටපූ එයා අපිට පෙන්න ආවා....

වස්තුවේ(18+)Where stories live. Discover now