Chapter 5

577 37 2
                                    


ඔය නිල් හන්ටර් ඇස් තියෙන උන් ඉන්නවා නේද? මට පේන්නම බැහැ ඔය වගේ උන් ව නම්...ඒ වුනාට ඉතින් අන්තිමේට කරගහන්නත් වුනේ ඒ වගේ එකෙක්ටනේ..මම කිව්වේ කාර් එකේ ඉන්න වුනේත්..ඌ මාව උගේ කාර් එකේ ගෙනිච්චා...මම මේ පුස් පැටියව ඩොකා කෙනෙක් ගාවට ගෙනියන්න ඕනා හින්දායී මෙහෙම මේ මුගේ කාර් එකට නැග්ගේ..නැත්තන් මගේ ජුන්ඩා වත් මෙකට නගින්නේ නෑ....උගේ ගෙවල් තියෙන්නේ එහා ලේන් එකේ ලූ....මම ඇහුවා වගේ හරියට!...

හරි ඉතින් මම ඇහුවා තමා ඌ මොකද මෙතන කරන්නේ කියලා! මූ ඌ ජිම් යන ගමන්ලූ මෙතනට ආවේ කියලා කියන්නේ....මට ශුවර් නැත්තේ මූ සිරාවට ජිම් යන්න එලියට යනවද කියලා..නැ ඉතින්..දැන් මුගේ තාත්තා අගමැතිනේ ලන්කාවේ...එහෙම එකේ මුගේ ගෙදර ජිම් එකක් නැද්ද කියහකෝ මම අහන්නේ!?

මූ මේ තනිකර බොරැ ගහන්නේ...

එක අතකට මට මොකද ඉතින්..

"එහෙම කියලා බෑ..නදීශ්..එයාට විසක් කැවිලද කොහෙද.."

මූ එහෙම කියලා අර පොඩී පූසට ගැහුවා සේලයීන් එකක්....මොනා වුනාත් ඌ ඒක කලේ හෙන හිමීට...පූසට රිදෙන්නේ නැතුව...

අපී දෙන්නා පූසට බෙහේත් දාන්න සත්තූ ඩොකා ගාවට ගියා..මගේ හිතේ නම් තිබ්බේ ඌව ගෙදර අරගෙන යන්න..ඒ වුනාට මූ මගේ හීන මාලීගාව එහෙම් පිටින්ම පොලවට සමතලා කරලා දැම්මා හරියට අපේ තාත්තා පරන වලව් සමතලා කරලා දානවා වගේ...

"ඔයා ගෙදර නැති වෙලාවට කව්රැහරි දැන් ගෙදර ඉන්නවද?? නෑ නේද?...අපේ ගෙදරත් නැහැ....මේ පූසා තාම පොඩි එකෙක් දරැවෝ..ගෙදර කව්රැත් නැති වෙලාවට මේකා කොහොමද තනියම ඉන්නේ.. "

"ශිට්!!"

ඒ හින්දා අපී ඌව පෙට් කෙයාර් සෙන්ටර් එකකට ගිහිල්ලා දැම්මා....ඒ මදිවට මූ මට දරැවෝලූ....හනේ හනේ පිස්සූ කොල්ලාහ්...

අපිට අලි ඔලුව ගෑවට ඉතින් සිරාවට අපිට නම් ඇති අලී ඔලුවක් නෑ...අපී ටිකක් ඩීසන්ට් එලියට ගියාම එච්චරයී...

ඉන්ටනැශනල් ඉස්කෝල වල ඉන්න ලමයි ගේ කිසිම අලි ඔලුවක් නෑ...උන් බොරැවට රගන්නේ නෑ.. ඒ උන්ට තියෙන දේ... එ සමාජයේ ගොඩ නැගිලා තියෙන stereotypes හැමතිස්සෙම ඇත්ත නෙමී...ඒ ඒ මිනිස්සුන්ට ලැබිලා තියෙන දේ...අපිට උපතින්ම අම්මලාගෙන් තාත්තලාගෙන් ලැබිලා තියෙන දේවල්...එහෙමයි කියලා අපි ඉදිරියේදී වැඩ නොකර හිටියොත් අපි ඉගෙන ගත්තෙ නැති වුනොත් වෙන්නෙ දේමාපියන්ගෙන් වුනත් හම්බෙන දේවල් වලින් වැඩක් නැති වෙනකොට...දැන් අපේ තාත්තගේ බිස්නස් එක ගත්තොත් ඒක තාත්තා අව්රැදූ ගානක් මහන්සී වෙලා ගොඩ දාගත්ත ඒවා... එයාගේ බිස්නස් ඉස්සරහට ගෙනියන්න තමා අයියව ට්‍රෙන් කරන්නේ.. මොකද එක සැරේ බිස්නස් බාරගන්න බෑ.. තමන්ගේ බිස්නස් එකක් එක සැරේ පටන් ගන්න එක ලේසී වුනාට බිස්නස් එකක් බාරගන්න එක එහෙම හිතන තරම් ලේසී නෑ.....

වස්තුවේ(18+)Where stories live. Discover now