"කෝ ආආඅ ගානවා.."

මම එහෙම කියනකොට ඌ අර නිල් ඇස් දෙක ලොකු කරගෙන බූතයෙක් දැකලා වගේ මගේ දිහා බලාගෙන හිටියා...

"ආ ගාපන්කෝ ඔයී..මම ආ ගන්න කිව්වේ මගේ එක උබේ කටට ඔබලා බ්ලෝජොබ් එකක් කරන්න නෙමී..උබට කවන්න....බබෙක් වගේ නේ සැර ටික අයින් කරලා කවන්නම්"

මම අර බ්ලෝ ජොබ් කතාව කියනකොට උගේ මූනත් එක්ක ඇද වෙලා ගියා..ඇත්තනේ යකෝ මම මේ සහෝදර කමට උට බත් කටක් කවන්න හදනකොට එනවා මෙතන....එයාගේ ඇස් වල තාම කදුලු පටයක් ලාවට බැදිලා..මුගේ ඇස් පට්ට ලස්සනයි අප්පා උගුල්ලලා දන්නමයි හිතෙන්නේ පකාගේ ඇස් දෙක..ගොන් බේසිකයා..උබට ගෑනූ නේ දෙන්නම් තොට ගෑනූ..මම අර බත් කට උගේ කටට ඔබනකොට එයාගේ අතක් වෙව්ල වෙව්ල ඇවිල්ලා මගේ මැනික් කටුව ගාවින් අල්ල ගත්තා.. ඊලගට ශේප් එකේ ඒ බත් කට කාගත්තා.. මුගේ කට වටේ බත් ඇට මම ලගට ගිහින් ඒවා අයින් කරනකොට ඌ අපහු ගැස්සුනා..මේක හරියන්නේ නෑ මූව ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නම වෙනවා..යකාගේ ගැස්සිලක්නේ යකො මේක..

කොහොමහරි බත් එක අපි දෙන්නම කාලා ඉවර කලා...අරෑටනම් ඉතින් හෙන ආතල් එක මමනේ උට අන අන කවන්නේ ඌ ඉතින් කකුල් දෙක එරමිනියා ගොතාගෙන හෙන චූන් එකේ බබා වගේ සැර නැතුව කෑවා..මම ඉතින් සැර ඔක්කොම ටික බේරලා ඒවා මම කෑවා..අපි මෙහෙම හිටියට යක්ක පුත්තූ ඔනම දේකට ඔට්ටුයි..අපි එහෙමයි..ගැම්මක් නේ..මම අත හෝදගෙන ඇවිත් ඇදක් වගේ තිබ්බා අන්න එතනින් දිගාවුනා..එයත් මගේ එහා පැත්තට ඇවිත් එතනින් ෛදගත්තා..එයා ඉදගෙන මම දිගාවේගන... ඒ ඇවිදින් මගේ ඇස් දිහා බලාගෙන එයාගේ එක අතක් මගෙ කම්මුල උඩින් තියාගත්තා..

"තැන්ක්ස්...."

"වෙ..වෙල්.කම්..."

මගේ මූන දිහා බාලාගෙන ඉන්නකොට මට දැනුනා එක සැරේම මගේ පපුව හයියෙන් ගැහෙනවා..එයාගේ ඒ බැල්ම මාව නර්වර්ස් කරනවා නිකන් මුලු බඩ පපුවම කලත්තනවා..

මගේ ඇස් එයා එක්ක පැටලලිලා තියෙද්දී හිමින් සැරේ එයා මාගේ මූන ලගට පාත් වෙනකොට මම කට අරින්න හැදුවත් එයාගේ දිග ඇගිලි මාව නැවැත්තුවා... එයාගේ ඒ ටච් එක මගේ තොල් හිරිවැට්ටුවා..එයාගෙ අර නිල් ඇස් එක තැනක ලොක් වෙලා තිබ්බා ඒ වෙන කොහේ වත් නෙමී මගේ තොල් වල..

වස්තුවේ(18+)Onde histórias criam vida. Descubra agora