33

581 67 111
                                    

" අම්මා..... අම්මා...... අම්මා...... මන්දනා........ "

" මේ යක්ෂණීත් මහ එකා වගේමයි. මන්දනා යැයි යැයි යැයි තමා. අම්මා කියලා කිසි ගානක් නෑ මුන්ට. "

මම බැන බැනම ගියේ කාමරේ දොර ළඟට වෙලා සුදු පාට පූස් තඩියෙක්ව උගෙ වල්ගෙන් අල්ලන් උඩට උස්සන් ඉන්න අවුරුදු තුනක විතර පොඩි කෙල්ලෙක් ළඟට. ඇරපු අතක් නෑ මගේම කාබන් කොපිය.

මන් පොඩි එකා ගාවට ඉක්මනට ගියේ වල්ගෙන් අල්ලන් අසරණ පූස් තඩියා එහාටයි මෙහාටයි වනන වැනිල්ලට අර අසරණයගෙ නැට්ට ගැලවිලා අතට එන්න බැරි කමක් නැති නිසා.

" සුදු මැණිකේ ඔය සතාව බිමින් තියන්න රත්තරන්. "

" මත බැ හූම්.. "

කෙල්ල කටත් උල් කරන් කියද්දි මන් ආයිමත් වතාවක් කෙල්ලගෙන් පූසව බේර ගන්න බැලුවත් ඒත් ම්හුක්... මේකි ඌව අතාරින්නෙම නෑ.

" හොඳ පුතානෙ මගෙ. බිමින් තියන්න මයෙ අම්මා.... "

" මත බෑ අලේ.. "

දෙන්න හිතයි මේකිට මට....

" ජිමින්... ජිමින්.... යා පාක් ජිමින්.... කොහෙද මේකා... මිනිහෝ...... පොඩ්ඩක් එනවකො.... "

මම කෑ ගහද්දි ජිමින් එක අතකින් අවුරුදු දෙකක විතර ජිමින් වගේම හුරතල් බෝල කොළු පැටියෙක් වඩාගෙන ආවා.

" මොකද හලෝ බෙරිහන් දෙන්නෙ. "

" මේ බලනවා මේ පොඩි එකී අර සතාව අල්ලන් ඉන්න හැටි. ඕකව අයින් කරන්න කියන්න. "

ජිමින් මගෙ අතට එයා වඩාගෙන ඉදිය කොළු පැටියා දීලා පොඩි එකී ගාවට හිමීට ගිහින් පූසව අර ගන්න හැදුවත් කොහෙද මේකී පූසව එල්ලගෙන කාමරේ වටේ දුවන්න හැදුවා.

" අම්මා ඔයා රෝසිව දැක්කද. "

එකම දේ අහලා කටහඬවල් දෙකක් දොර දිහාවෙන් ඇහුණම තමයි මන් දැක්කෙ දොර දිහා ඉන්න අවුරුදු හතරක් විතර පෙනුම තියන කොල්ලො දෙන්නා. ඇරපු අතක් නෑ දෙන්නගෙ වෙනසක් හොයන්න නෑ එකම වගේ.

කොල්ලො දෙන්නට මන් රෝසිව අතේ එල්ලන් ඉන්න පොඩි එකීව පෙන්නද්දි උන් දෙන්නත් පොඩි එකී පස්සෙ පන්නන්න ගත්තා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now