27

395 58 22
                                    

" මොනවද අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ. "

අපි හිටියෙ මින්ජිව බලන්න ජේල් එකට යන ගමන්. ජිමින් මගෙන් ඒ විදියට අහද්දි මන් ගැස්සිලා වගේ ජිමින් දිහා බැලුවා.

" ඔයාට බය නැද්ද ජිමින්. "

" මොකටද. "

ජිමින් මට උත්තර දුන්නෙ කාර් එක ඩ්‍රයිව් කරන එකට අවධානය දීගෙනමයි.

" ඔයාගෙ කාර් එකේ බ්‍රේක් කඩලා ඔයාව මරන්න හැදුවා. ඒත් ඒකෙන් තුවාල වුණේ ටේටේට. ඒ කියන්නෙ කවුරු වුණත් ඔයාව මරන්න හදපු අය ආයිමත් ඔයාව මරන්න ට්‍රයි කරයි. මොකද එයාලට පළවෙනි පාර ඒක කරගන්න බැරි වුණු නිසා. "

" පොලිසිය ඒක බලා ගනියි. "

" යැව් යැව් බලා ගනියි. මන් මොකක්හරි ඇහුවම මන්දනා ඒක පොලිසියෙන් බලාගනියි. බලා ගන්නවා මගුල. බලා ගන්නවා නම් වැරදිකාරයා හොයා ගන්න එපෑය. "

" තමුසෙ හිතුවද බ්‍රේක් කඩපු එකා මමයි බේ‍ක් කැඩුවෙ කියලා බෝඩ් එකක් කරේ එල්ලන් ඉන්නවා කියලා. කට පියන් ඉන්නවා ගුටි නොකා. "

මම ජිමින්ට රවලා හොඳට ඔළුව ගස්සලා අනිත් පැත්ත හැරෙද්දි ටාං ගාලා ඔළුව වැදුණෙ ෂටර් එකේ. මේ මිනිහත් එකයි උගෙ අලුත් ලදරමත් එකයි. මට අඩත්තේටිටම් කරන්නමයි මුන් සේරම බලන් ඉන්නෙ.

" මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ මන්දනා. මට කියපුවා සේරම ඇහුණා. "

" යැයි යැයි තමයි. තමුසෙට මන් කුටු කුටු ගාන එව්වා නම් හොඳට ඇහෙනවා මගුල. "

" ඔය කට පොඩ්ඩක් වහගනින්කො බන්. "

කට වහන්න මගේ. මගේ කටින් කියවන එක තමයි මහත්තයෝ මට තියන එකම විනෝදෙ හූම්. 

" මන්දනා ඊයෙ මන් එද්දි ඇඩුවෙ ඇයි. "

මේ මනුස්සයට තාම ඒක මතකද. මම හොරැහින් බලද්දි ඉන්නවා මෙන්න මන් දිහා බලා ගෙන.

" මනුස්සයෝ ඉස්සරහා බලන් යමන්කෝ. මරන්නද හදන්නෙ අඩු වයසින්ම. තාම ලව් එකකුත් නෑ. ෆස්ට් කිස් එකත් ලැබුණෙ නෑ මගුල. දැන්ම මැරෙන්න බෑ. "

මන් ඒක කිව්වා විතරයි ජිමින් කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now