31

453 58 22
                                    

ටේටේ එයාගෙ තුවාල හොඳටම හොඳ වුනාම මුලින්ම කරේ ටේෂුගෙ කේස් එක ආපහු එළියට ගත්ත එක. ටේෂුගෙ මරණය සියදිවි නසාගැනීමක් නෙවේ ඒක මිනීමැරුමක් කියලා ආපහු කේස් එක උඩ ඇද්ද නිසා මිසිස් කිම් මේ දවස් වල ඉන්නෙම ඇඩූ කඳුළින්. ඒ නිසාම අපෙ නැන්දා මේ ටිකේම මිසිස් කිම් ළඟටම වෙලා ඉන්නවා.

ජිමින් එහෙන් එයාගෙ කම්පැනි එකේ පැටලිලි වල හිර වෙලා ඉද්දි එයා මට ඒ කිසි දේකට අත දාන්න දුන්නෑ. ඒ නිසා මන් මේ දවස් වල ටේටේ එක්ක ටේෂුගෙ කේස් එක වෙනුවෙන් එහෙ මෙහෙ යනවා. ජිමින් නොදන්නවා වුණාට මන් වගේම ටේටේ හොඳටම දන්නවා ජිමින්ගෙ කම්පැනි එකේ වගේම ටේෂුගෙ සිද්ධියටත් වග කියන්න ඕනෙ සාරා වගේම එයාගෙ මැනේජර් ලූනා කියලා.

ටේෂුගෙ කේස් එක නිසා කෝට් එකෙන් නියෝගයක් දුන්නා ටේෂුගෙ බොඩි එක ආපහු උඩට අරගෙන නැවතත් මරණ පරීක්ෂණයක් පවත්වන්න. ඒත් ඒක කරන්න බැරි වුණේ ටේෂුගෙ බොඩි එක ආදාහනය කරලා තිබුණු නිසා. ටේටේ එයාට මේ දේවල් තනියම කර ගන්න පුළුවන් කියලා ශක්තිමත් විදියට හැමෝටම පේන්න ඉන්න හැදුවත් මන් හොඳටම දන්නවා එයාට මේ වෙලාවෙ මගේ උදව් ඕන කියලා. මොකද ඒ එයාගෙ නංගි. එයාගෙ නිවුන් සහෝදරී. ජිමින්ට පුළුවන් වුණානම් එයා මේ වෙලාවෙ ටේටේ ළඟින්ම ඉඳියි. ඒත් ඒ දෙන්නම මේ වෙලාවෙ ප්‍රශ්න ගොඩක ඉන්න නිසයි මන් ටේටේ ළඟට වෙලා උදව් කරන්න තීරණය කරේ.

ටේෂුගෙ මරණ පරීක්ෂණ වාර්තාවෙ කිසිම අමුතු දෙයක් තිබුණෙ නෑ. ඒකෙ තිබුණෙ අතේ මැණික් කටුව අසල සිදු වූ ගැඹුරු කැපුම් පහරවල් නිසා සිදු වූ අධික රුධිර වහනයෙන් ටේෂු නැති වුණා කියලා. ඒත් මගෙ හීනෙට අනුව ටේෂුට මගෙ සැකේ හරි නම් ලූනා එහෙම නැත්තන් වෙන කවුරුහරි ඩ්‍රග් එකක් ඉන්ජෙක්ට් කරා. අනිවාරෙන්ම ඒක රිපෝට් වල තියෙන්න ඕන වුණත් ඒ ගැන කිසිම සඳහනක් නැති නිසා මමයි ටේටේයි තීරණය කරා මේ මරණ පරීක්ෂණ වාර්තාව බොරු එකක් වෙන්න ඇති කියලා.

අපි ඒ රිපෝට් එක හදපු ඩොක්ටව මුණ ගැහෙන්න බැලුවත් ඒ ඩොක්ට කොරියාවෙන් මීට අවුරුදු තුනකට කලින් තමයි ඇමරිකාවට ගිහින් තියෙන්නෙ. ඒ නිසා අපිට ඒ ඩොක්ට ගැන වැඩිදුර කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now