30

419 62 29
                                    

අපි දෙන්නා හිටියෙ ටේටේගෙ ශොපින් මෝල් එකේ. දැන් විනාඩි තිහක් තිස්සෙ මේ මිනිහා මට මෙතන තියන ඇඳුම් සේරම අන්දව අන්දව හැඩ බලනවා. එකක් ඇන්දොත් මන්දනා ඕක දිග වැඩියි. නිකන් ලෝගුවක් වගේ. ආයිමත් අපෝ අපෝ ඕක කොට වැඩියිලු. තව එකක් ඇන්දම පාට හොඳ නෑලු ඇඳුමෙ. එතන එකම විකාරයයි. ඒකට මාව ෂොපින් කරන්න එක්කන් ආව පළවෙනි දවස. අතට අහු වෙන අහු වෙන එක මගේ ඇගට දාපු මනුස්සයා දැන්....

අන්තිමට ජිමින්ම තීරණය කරා ගවුමක් වෙනුවට ට්‍රවුසර් එකකුයි බ්ලවුස් එකකුයි ගමු කියලා. අලුත්ම ස්ටයිල් කියලා යං කලිසම් මන් එන්නම් වගේ තඩි කකුල් තියන  ස්කයි බ්ලූ පාට වුණු ට්‍රවුසර් එකකුයි කොටු  කර තියන සුදු පාට ක්‍රොප් ටොප් එකකුයි ඒකට හරි යන්න සුදු පාට පසුබිමේ රෝස පාට අවුට්ලයින් එකක් ගියපු ඩෙක් ෂූස් එකකුයි මන් අඳිද්දි ඒකට ගැලපෙන්නම එයත් සුදු ටී එකට බ්‍රවුන් මික්ස් මැරූන් කලර් එකෙන් ට්‍රවුසර් එකකුයි සුදු ඩෙක් ෂූස් දෙකක් දැම්මා.

අපි දෙන්නා ඒ විදියට ඇඳලා එක ළඟ ඉද්දි අනේ මන්දා මගේ හිත නිකම් පිරිලා යනවා වගේ. ඉස්සර නම් මන් මේ වගේ බොළඳ දේවල් වලට එහෙමකට කියලා ආස කෙනෙක් නෙවේ. ඒත් මෙහෙම අපි දෙන්නා එක ළඟ ඉද්දි මාව නිකන් සතුටට පුපුරන්න වගේ. මෝල් එකේ ඉඳපු වැඩ කරන අය වගේම එතනට ආපු කස්ටමස්ලා අපි දිහා බලලා හරි ලස්සනට හිනා වෙද්දි ජිමින් මගේ අතකුත් අල්ලන් එයාගෙ මූණෙ ඇඳුණු හිනාව දත් වලින් තොල් හපන් නවත්තගන්න ගමන් හරි ආඩම්බරෙන් ඇවිද්දා.

මාත් අනිත් අයගෙ මූණ බලන්න ලැජජාවට බිම බලාගෙනම එකිනෙක පැටලිලා තියන මගේ කහ පාටට හුරු අතයි එයාගෙ කිරි සුදු පාටට හුරු අතයි දිහා බලන් හිටියා. එක මොහොතකට හිතුණා මුළු ලෝකෙම වෙලාව නැවතිලා අපි දෙන්නට මේ විදියට තව හුඟ වෙලාවක් ඉන්න තිබුණ නම් කියලා.

" මේ කොහෙද යන්නෙ. "

" ඩේට් එකට. "

මන් අහද්දි ජිමින් ඒ විදියට එයාගෙ ලස්සනම හිනාව දාලා මට උත්තර දුන්නා.

" ඉතින් කාර් එක අර පැත්තනේ. ඇයි මේ පැත්තට යන්නෙ. "

" හැමදාම කාර් එකේ යන නිසා අද පයින් යමු. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now