26

426 67 25
                                    

උදේ ඉඳන් සේහා ඔන්නි එක්ක මුළු සෝල් නුවරම කරක් ගහලා ඉඳපු නිසා ඇඟ පත නිකන් තලා දාලා වගේ. ගාඩ්න් එකේ බෙන්ච් එකට ෆෝන් එකත් අරන් ගියපු මම කෝල් එකක් ගත්තෙ අභීට.

" මොකක්ද මොකක්ද උඹ කියන්නෙ උඹයි උඹෙ අර සුදු අයියයි දැන් දෙන්නට දෙන්නා ලව් කියලද. යකෝ තොට හෙන ගහනවා ගෑණියේ මට මේ දෙන ගින්දරට. මතක නැද්ද අපි නවය වසරෙදි මන් මගේ පරම පිවිතුරු ප්‍රථම ප්‍රේමයෙන් පත දාර බූට් එකක් කාලා ඉද්දි ඉස්කෝලෙ කැන්ටිම ගාව අඹ ගහ යට උළුඳු වඩේ එකක් කකා ඉද්දි උඹ කිව්වා අභී උඹ දුක් වෙන්න එපාය උඹට මම ඉන්නවයාය කොල්ලෙක් නැතුවට දුක් වෙන්න එපාය කවදහරි උඹට රත්තරන් වගේ කොල්ලෙක් හම්බ වෙනවාය එහෙමවත් නැති වුණොත් මන් උඹව බාර ගන්නම්ය කියලා. උඹ නම් පුදුම ද්‍රෝහියෙක් තෝ.... "

අභී මට දෙස් තිය තිය ආඩපාලි කියන්න ගද්දි මන් ෆෝන් එක චුට්ටක් කනෙන් මෑත් කරේ ඒ සද්දෙ මගෙ කනට දරා ගන්න බැරි වුණු නිසා.

" අභී මට බයයි... "

අභීගෙ කියවිල්ල අහන් හිටපු මම අන්තිමට ඒ වචන තුන කියද්දි මට දැනුණා ෆෝන් එක එහා පැත්තෙන් අභී බර හුස්මක් දානවා.

" නැන්දයි මාමයි නිසාද රෂ්. "

" ඔව් අභී. දැන් මට එයාලගෙ මූණක්වත් හරියට බලන් කතා කරන්න බෑ. මට ඒ තරමටම ලොකු වරදකාරී හැඟීමක් දැනෙනවා. මට මේක හරිම මානසික වදයක්. මට මේක නවත්තලා දාන්නත් වෙලාවකට හිතෙනවා. ඒත් බන් මන් සුදු අයියට ඇත්තටම ආදරෙයිනේ. මන් දන්නවා එයත් මට ආදරෙයි කියලා. ඇයි බන් මට මෙහෙම වුණේ. "

මට නොදැනීම අන්තිම ටික කියද්දි මගේ කටහඬ බිඳිලා ගියා වගේම මට දැනුණා කවුරුහරි මගෙ උරහිස උඩින් අත තියනවා. මන් එසැණින් හැරිලා බැලුවම එතන හිටියෙ ජිමින්. එයාට මන් කියපු දේවල් ඇහුණවත්ද. මන් මේ සම්බන්ධෙ නවත්තලා දානවා කියන එක එයාට ඇහුණද. මන් ජිමින්ගෙ මූණෙ තිබ්බ හැඟීම් කියවන්න හැදුවත් ඒක හරි අමාරු වැඩක් වුණා. මන් බයටම ෆෝන් එක කට් කරලා වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.

" ජිමින් මම මේ.. "

" ඇයි "

" ම්මන්... ම්.. "

- නෑනයි මස්සිනයි - (✓)Tahanan ng mga kuwento. Tumuklas ngayon