~තිස්පස් වන පින්න~

Start from the beginning
                                    

" අහ්.... එහෙනම් මාත් යන්නම් කුස්සියට...... "

" එහෙනං යන්නකෝ..."

අපේ එකී මාමාගෙන් හේශව්ගෙ අම්මා කොහෙද කියලා ඇහුවා.....

නැන්දා කුස්සියේ කිව්ව පාර..., මාත් එහෙනම් යන්නම් කියලා නැගිටලා ගියේ අනික් අයට ලා හිනාවක් දීලා.....

එයාට මෙතන අන්කම්ෆටබල් වගේ......

වැඩි හිටියෝ එක්ක අපිටත් කතා කරන්න දෙයක් නැති හින්දා ඊට ටික වෙලාවකට පස්සේ නුවනුයි චතුරයි එක්ක මාත් කුස්සිය පැත්තට ගියා....

" උබලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ලාද බං..."

මං ඉතින් මෙච්චර වෙලා තිබ්බ ප්‍රශ්නේ ඇහුවා උන්ගෙන්.....

" ෆැමිලි මත් නෙවෙයි මචන්.... අපි නිකන් බිස්නස් ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ....... ඔය හේශව්ලාගේ වාහන සේල් එකේ ශෙයාස් අපි දෙගොල්ලොන්ටත් තියෙනවා..."

" තව ඔය හොටෙල්ස් කීපයක් එහෙමත් තියෙනවා අපි එක්ක එයාලට....."

මං මොකුත් නොකියා ඔලුව විතරක් උඩ පහල කරා.........

චතුර කිව්ව විදියට මෙයාලට ශෙයාස් තියෙනවා අර වාහන සේල් වල......

ඒ කියන්නේ වාහන සේල් සෑහෙනට ඇති ලංකාව පුරාම.....

ඒවා විතරක් නෙවෙයි හොටෙල් චේන් එකකුත් තියෙනවා කියලා ඔය නුවනා කිව්වේ........

ම්ම්.......... ලේසි අතු නෙවෙයි වගේ.....

ඒත් ඉතින් හේශව්ලාගේ පවුලේ අය නම් අහංකාර නෑ කොච්චර සල්ලි තිබ්බාත්.....

අපේ කතාව නැවතුනේ අපි කුස්සියට ආව හින්දා.......

සාලෙ ඉදන් කුස්සියට මහා දුරක් නෑනේ ඉතින්...

අම්මේ...... අපේ එකී දාගෙන කපනවා මොනා හරි.....

නැන්දා හොද්දක ලුනු බලනවා....

හේශව් පිගන් හෝදනවා.....,

ගගන ඒ හෝදන පිගන් පිහ දානවා ස(ර්)වියට් එකකින්......

අපිව දැක්කා විතරයි නැන්දාගේ මූනෙන් එකයි හිනාව.........

" මගේ කොල්ලෝනේ මේ...... මොකද තුනම කුස්සියේ....."

~ පිනිපොද ~Where stories live. Discover now