1

525 63 14
                                    


මන් ජියා . වයස අවුරුදු විසි දෙකක කෙල්ලෙක් . ඇත්තටම මගේ ජීවිතේ ලස්සනට තිබ්බා ග්‍රහ මන්ඩලයේ ප්‍රදාන සාමජිකයෝ දෙන්නා කෙහෙම්මල් මගුලක් උස්සගෙන ආවෙ නැත්තම් .

ග්‍රහ මන්ඩලේ ගැන නේද අඇහුවේ ? ඒ ඔම්මා සහ අප්පා . ඒ දෙන්නා ප්‍රදාන ග්‍රහයෝ වෙද්දි සෙනසුරුගේ තැන ගත්තේ ඔන්නි . නෙවෙයි ඕකි ගොන්නී . මාරක අපලෙකින් තැලෙන අහින්සක මගේ ජීවිතේ ගැන තව කියන්න ඕනේ නෑ නේද ?

ඉතින් සිද්දිය උනේ මෙහෙමයි

" පුතේ . එන්නකෝ අප්පට ඔයා එක්ක කතා කරන්න ඕනේලු " යුනි ගිහින් එද්දි මගේ බෑග් එකත් අරගෙන ඔන්නි මගේ අතට ජූස් එක්කුත් දීලා ඔම්මා ඔහොම උදාර වැකි කියද්දිම මට තේරුනා හොද හතු පැකට් එකක් සෙට් වෙයි කියලා

" ඔයා දන්නවනේ ජියා . අපේ කම්පැනි එක වැටෙන්න ඔන්න මෙන්න . ඉතින් මගේ යාලුවා mr kim ගේ පුතාව ඔයාට යෝජනාවක් ගෙනත් -" අප්පා ඔහොම කියලා ඊලග වාක්‍ය කියන්න කලින් මන් කට අඇරියා

" අප්පා අඇයි මන්ම . මේ මේකි ඉන්නේ ගොබ්බ දෙන වගේ කනවා බොනවා නිදියනවා මෙලෝ වැඩක් කරන්නෙත් නෑ . මේකිව දීලා දාන්නකෝ " මන් උපන්දා සිට ගෙනාපු තරහ ජාතකය දිග හැරියේ ඔන්නිව පෙන්නන ගමන්

" පුතේ එයාලා කැමති ඔන්නිට නෙවේ නේ . ඔන්නි කැතයි කියනවා නෙවේ . මන් කියන්නේ තේරෙනවද ? " අප්පා කියද්දි නම් මට හිනා යන්නත් ආවා ඔන්නිගෙ මූන් දැකලා

ඔන්න ඔය බූරු දෙන එක්ක මන් තරහා පුන්චි කාලේ ස්කූල් යද්දි මන් බුලී වෙනව බල බල හිනා උන නිසයි .

මගේ මතක අස්සෙ ඉද්දි තමයි නෝට් උනේ යකෝව් මට බදින්න කියලා නේද මේ කියන්නේ . මල කෙලියයි

" අප්පා මන් දන්නෙවත් නැති අයව බදින්න මට බෑ . එච්චරයි . මේක මගෙ ජීවිතේ මට ඕනේ විදිහට ඒක ගෙනියන්නම් " මන් ඔහොම කියලා යන්න ගියත් අප්පා මගේ අතින් අල්ලගත්තා

" තමුසේ ඕනවට වඩා මුරන්ඩුයි ජියා . මෙච්චර කල් කන්න බොන්න දීලා උගන්නව්වා මේකවත් තමුසෙට කරන්න බැරිද "

අප්පා කියනවා එක්ක මගේ කටට ආවා අඇයි මේක වට්පෑඩ් කියලා හිතුවද කියන්න . ඒත් ඕක කියලා කට තලාගන්න මට ඕනේ උනේ නෑ . අඇඩෙන්නත් එනවද මන්දා .

" අනේ පුතේ හෙට එයාව හම්බ වෙන්න ඔයා යන්න ඕනේ . කිම් ටේහ්‍යුන්ග් ව . Diamond කැෆේ එකට . අනේ පුතේ අවුරුද්දෙන් මේක ඉවරයි . එතනින් පස්සේ අපි අඇගිලි ගහන්නේ නෑ ඔයාගේ ජීවිතේට " ඔම්ම මගේ අත්දෙකෙන්ම අල්ලගෙන කියද්දි මට කියාගන්න බැරි දුකක් දැනුනේ .

කිම් ටේහ්‍යුන්ග් . මන් එයාව දන්නවා . මන් විතරක් නෙවේ කොරියාවේ හැමෝම වගේ දන්නවා අඇති .

ඒත්..

" ඒත් ඔම්මා එයා මගේ හොදම යාලුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් . මට ඒක කරන්න බෑ . කරුනාකරලා මේක නවත්තන්න " මන් කිව්වේ අඩන ගමන් . යාලුවෙක් කියලා හම්බ උන එකම යාලුවට පිටු පාන්න මට බෑ

" දුව ටේහ්‍යුන්ග් කැමතියි නේ . ඒක නිසා බය වෙන්න එපා "

ඔන්න ඔය වචන ටික ඔම්මා කියනවා එක්ක මන් කාමරේට ගිහින් දොර වහගත්තා . මන් කවුරුවත් ඉස්සරහා අඩන කෙනෙක් නෙවේ ඒත් අද මන් අසරන උනා .

බැරිද මට මන් වෙනුවෙන් තීරනයක් ගන්න . සේරි කියන්නේ මට ඉන්න එකම යාලුවා . ඔව් ඉතින් එයා මාව යාලුවෙක් විදිහට නොදැක්කත් මන් එයාට හොද යාලුවෙක් වෙන්න එපැයි

අනික එයාගේ අප්පා පොලිටීශියන් කෙනෙක් . මෙයා මාව යහතින් තියන එක්කුත් නෑ . මොන මරාලයක්ද දෙයියනේ .

හෙන ගහපන් ටේහ්‍යුන්ග් ටොටයි ටොගේ කෑල්ලටයි


TBC .

ජියා ගොඩක් අහින්සක කෙනෙක් නෙවේ කියලා පේනෝනේ . එයා නරක නෑ හැබැයි😮‍💨

මාසෙකින් විතර යලි හමු වෙමු 😌

Metanoia | KTH Where stories live. Discover now