~විසිඑක්වන පින්න~

Start from the beginning
                                    

එතකොටම වගේ ගේශව් බීම වීදුරු හතරක් එක්ක කේක් වගයක් ගෙනල්ලා ටේබල් එක උඩින් තිබ්බා.......

" මොනාද පොඩී අපේ අම්මි කියන්නේ.....?"

මේකා අපේ නංගි ලගින්ම ඉදගෙන ඇහුවා.......

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ...... ඕකුන් දෙන්නා කොහොමත් ඇලීගනම තමා ඉන්නේ.....

මලවිකාර අනේ මුන් දෙන්නාගේ....

"නෑ...... නෑ...... අනේ.... මොකුත් ඇහුවේ නෑ තාම.... ඔයා ඉක්මනින් ආවානේ..... හැබැයි කිව්වා චූටි බබා නම් හරිම මුරන්ඩුයි....., අපි දෙන්නා නම් එහෙම නෑ කිව්වා...... ඇත්තද චූටි බබා ඒ......?"

අපේ එකී අර නැන්දා නොකියපු දෙයක් හේශව්ට කිව්වේ ඒකාව අවුස්සන්න....... ඒකනේ ඔය චූටී බබා කියන එක කීප පාරක්ම කියව්වේ.....

අඩේ....... දැන්නේ මටත් නෝටි උනේ.......... මූ එතකොට චූටි බබාද....... කොහෙද දන්නෑ චූටි..... අර ගස්සන් යද්දි පස්සත් වට්ටක්කයක් වගේ ලොකුවට තිබ්බේ.........

ඒව්ව්ව්...... ආයෙත් කුනුහරපයක් හිතුවා....... ඔන්න ඔහේ කමක් නෑ...... කොහොමත් මගෙනේ.... පොඩී තමා කියන්නේ ඉතින්......

මං බලන් ඉද්දි මේකා රතු වෙලා අර නැන්දාට කෑ ගැහුවා.....

" අම්මී........ මොනාද අනේ කියන්නේ..... හැම වෙලේම චූටි බබා කියන්න එපා අනේ...... මං චූටී නෑනේ..... "

" කාට කොහොම උනත් උබ මට තාම පොඩියි...... පුතාලා දෙන්නා ඕක බොන්න අනේ...... කේකුත් කන්න ඈ....... අද දවල් හැදුවේ මං  ඕක....... කාලා රසද කියනකෝ...."

අපි ඉතින් හිනා වෙලා බීම අරගෙන බීලා කේක් කෑල්ලකුත් කෑවා.....

සිරාවටම පට්ට රසයි ඒක...... බටර් කේක් එකක්..... මං ආසම බටර් කේක් වලට..... අයිසින් වලට ආසම නෑ මං.......
ගෙදර හදපු හින්දාමද මන්දා මාර රහයි........

" අනේ........ හරින රසයි නැන්දේ..... මං ආසම බටර් කේක් වලට..... ලොකුත් ආසම බටර් කේක් වලට...... කාලෙකින් ගෙදර හදපු කේක් කෑල්ලක් කෑවේ..... ඉස්සරහ අපේ අම්මාත් ගෙදර කේක් හැදුවාම මේ රසමයි එන්නේ......."

" අනේ පැටියෝ....... තව අරන් කන්න එහෙනම්...... "

මං හිතපු එක පොඩී ඒ විදියටම කටින් කිව්වා..... 

~ පිනිපොද ~Where stories live. Discover now