~දාහතරවන පින්න~

Start from the beginning
                                    

"හරි හරි බලමුකෝ.... බඩගිනියි බං. ඉක්මනින් රත් කරාම් ඕක. බණ්ඩක්කයි අය මොනාද තියෙන්නේ ?"

"  බිත්තර දෙකක් බැද්දා ලොකූ.."

" ආ... ඒ ඇති.... ඉක්මනින් බෙදන්න. "

නංගියි මායි කාලා නාන්න ගියා.....

පුංචිත් කෝල් කරලා මතක් කරා රෑට කෑම එවන්නම් කියලා....

එයා කියනවා සල්ලි නාස්ති කරගන්න එපාලු. හැමදාම රෑට කෑම එවන්නම්ලුනේ. අපි කිව්වා එපා කියලා..... දවසක් ඇර දවසක් හොදයිනේ....... නැත්තං පුංචිට කරදරේ..... අනික කන්න මහාලොකු ගානක් යන්නේ නෑනේ..

නාලා අපි දෙන්නා පැල වලට වතුර දැම්මා....

ඉස්සරහා ඇබරැල්ලා ගහේ මල්....

අවුරුදු වෙද්දි හොදට ගෙඩි තියෙයි....

අදටත් මට හිතා ගන්න බෑ..... අපිට මේ ඉඩමයි ගේයි ලක්ශ අසූවකට හම්බුනා කියලා......

පැල වලට වතුර දාලා ඉවර වෙලා මං ගෙට ආවා. පහයි කාලයි.

කට්ටියම තව ටිකකින් එන හින්දා නංගි සාලේ ටිකක් අතු ගෑවා.

නිවාඩු දවසක් බලලා ගේම මොප් කරන්න ඕන....

අතුගාලා Air freshner එකත් sprey කරා.....

දැන් පලතුරු සුවදයි........

නංගි මල් කඩන්න එලියට ගිය හින්දා ඒ එක්කම මාත් එයා එක්ක මල් කැඩුවා.....

වතුසුද්ද , සමන් පිච්ච්, ගැට පිච්ච හැමදාම පිරිලා තියෙනවා......

මුලු මිදුලෙම තනකොළ වවලා නිසා මල් වැටුනාම හරි ලස්සනයි.

ගේට්ටුවේ ඉදන් ගෙදර ගාවට එනකල් කැට අල්ලලා තියෙන්නේ....

මං ඉතින් මිදුල අතුගානවා කියලා හැමදාම ඔය තනකොළ ටික උඩින් තමා අතු ගන්නේ.....

මේ මල් ගස් හරියා මාරම සුවදයි....

නංගි එක්ක මල් කඩ කඩ ඉද්දි ගේට්ටුවේ බෙල් එක වදින හින්දා මං ගියා ගේට්ටුව අරින්න. සත්‍ය ගවේශක පොරද කොහෙද? කාර් සද්දයක් ආවානෙ......

ගේට්ටුව අරිද්දි හිතුවා වගේම එයාලා තමා ඇවිල්ලා හිටියේ.....

මං ඉතින් ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇරලා කාර් එක වත්තට දාන්න ඉඩ දුන්න......

~ පිනිපොද ~Where stories live. Discover now