"උඹ ඔය හොල්මන් ජරාව බලලා තමයි ඊයෙ රෑත් ජල්ලියක් ඇල්ලුවේ." දෝණි කියලා ඉද ගත්තා. මමත් ඇහෙන්නෙ නෑ, දැක්කෙ නෑ වගෙ හිටියා ඉතින්. මට වැඩක් නෑ මොක වුනත්. හුම්ම්ම්ම්....

ඉන්න බස් එක ස්ටාර්ට් කරන්න හිතලාවත් නෑ. එත් බස් එකට වැඩිය සෙනග නෑ. සීට් ගානට විතරයි. අනික් ටික එළියෙ හිටගෙන. වැරදිලා කෙනෙක් දෙන්නෙක් හිටගෙන ඉන්න නැග්ගා මිසක කවුරුත් නගින්නෙ නෑ ඊලග එක එනකල්. හරි මෙහෙමයි මම කියන්නෙ නෑ බං එහෙම නගින්න ඕනේ කියලා එත් ටයිම් වෙස්ට් කරන්න හොද නෑ. අම්මා රුවනා දෝණි තුනේ සීට් එකකට ගියාම එකෙක්වත් එපා කිව්ව මම දෙකෙ සීට් එකක කොනේ ඉද ගත්තා.

ටිකකින් බස් එකෙ ඩ්‍රයිවර් ඇවිත් වැදලා කරලා ගමන පටන් ගත්තාම මමත් බලන් හිටියා යනකල්. යකෝ යනවා යනවා යනවා, ඔක්කොටම හපන් බං බස් එක යන වේගයට සාපේක්ෂව ඩේටා කණු වල බැසීම සාපේක්ෂව අඩු වෙනවා. හොල්මනත් හොල්මන් වෙලා ස්ට්‍රක් වෙලා ගියා ඉන්න දැන් එක කණුවක් පේන මානේක නෑ.

"සරදියල් කෝ බං සිග්නල්."

"ඔය බෑග් එකෙ ඇති. කට පියන් හිටපන්... පාර හොයාගන්නවා මේ." දැන් පැයක් වගෙ වෙනවා. අර 30 දුරට මම තාම සටන් කරනවා නොවැටි ඉන්න. ඩේටා නෑ... ෆෝන් එක නිකන් පරඩැලක් ගානයි දැන්. නන් එකෙ හොල්මන කට ඇරන්ම හිර වෙලා. ඒ මේක හෙන අසාර්ථකයි ඕයි... මේ ගමන හෙනන වල්චස්.

"මල්ලි ආවා බහින්න.." රුවන්ට ඒ කොන්දා කිව්ව ගමන් මම අර මලුත් අරගෙන බැස්සා. නිකන් වට රවුම් චාරිකා ගිහින් කැරකැවිල්ල වගෙ බං. ඔලුවත් පම්පින් ගහනවා.

"මොකො උඹ..."

"ඒ මේ තේ වත්තක්නෙ බං... ඒ මදිවට එක මිනිහෙක් පෙන්න ඉන්නවද කියපන් උඹට.." මම සරදියල්ගෙන් අහද්දි දැන් නම් මිනිහත් කන්ෆියුස් වෙලා.

"ඒ නෑ නේ බං... අපි වැරදි එකෙන් බැස්සද?"

"වැරදිද හරිද බලන්න අර එනවා කිව්ව මැණිකෙට කෝල් එකක් දෙනවා." අපේ අම්මා උත්තරයක් අපිට දුන්න නිසාම අපි ඒ පාරේ යන්න තමයි මේ හදන්නෙ. මීදුම කට කපලා එකයි. මොනවා නැතත් හොල්... නෑ අපි ඒ ගැන නොහිතා ඉදාම්...

"රුවන්... රූ... වාන්..." කවුද මන්දා සුදු සාරියක් ඇද ගත්ත ගර්ල් කෙනෙක්... මට හිතාගන්න බෑ එයා කවුද කියලා.. ඒ කෙල්ල සුදුයි, ලිප්ස් ටික් ගාලා නිසාද කොහෙද තොල් රතු, අයි ලයිනර් එකත් කළුයිනෙ. ඉන්න ඉන්න... මේ කවුද? ඒ මදිවට සුදු දිලිසෙන සාරියක් ඇදලා. රුවාන් ගාලා වාන් ඇරලා.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Where stories live. Discover now