"රුවන්... දැන් නැන්දා එන්නම් කිව්වද?"

"නෑ අම්මේ... මැණිකෙ අක්කා අපි යන ටයිම් එකට එනවා කිව්වේ. එයා එක්කම අපිට යන්න පුලුවන්."

"ඉතින් දැන් උඹ පාර දන්නෙ නැද්ද?"

"මම දන්න පාරක් නෑ අනේ. මම ජිවිතේට එහෙ ගිහින් නෑ."

"එහෙනම් ඇයි දැන් අපි එක්ක යන්න ඕනේ... ගෙදර ගියා නම් හරිනෙ.." මම කියද්දි දෝණි මගෙ දිහා මරන්න වගෙ බලන් ඉන්නෙ. හරි හරි මෙන්න මම කට වහ ගත්තා කියන්න කට ශිපර් කරලා දැන්මා.

"නොගිහින් තියෙන නිසා තමයි බොල යන්නෙ."

"හෑයියා... උඹත් නුවර ගොඩයා වෙලා."

"අනේ උඹේ කට වහ ගනින් ටෂි මගෙන් ලුණු ඇඹුල් ගා ගෙන කන්නෙ නැතුව."

ඉතින් එහෙමයි... ඌ ජිවිතේට ගිහින් නැති ඌන්ගෙ නැන්දලාගෙ ගෙදරට අපිව වංගු පිටින් එක්ක යනවා. 

"ටෂි බහිනවා." Fb එකෙ තිබ්බ ෆිල්ම් එකක් හැන්ඩ් ෆ්‍රී දාගෙන මෙච්චර දුර ආව නිසා මට සද්ද බද්ද ඇහුනේ නෑ. කනේ තිබ්බ ඇබේ අයින් කරලා සරදියල් කියනකල්.

"අම්මොහ්... ඇති යාන්තම් ආවා..." මම ඇගෙ හිරි කඩන ගමන් හිනා වුනේ උඩ පුස්සැල්ලාව කියලා නම දැක්ක නිසා.

"හරි එහෙනම්. මෙහෙන් මොනවා හරි ගමු ගෙනියන්න." අපේ අම්මා කඩේකට ගිහින් අර ලොකු අම්මලගෙ ගෙදරට ගෙනිච්ච ටිකම බුදුසරණෙන් අරන් ආවා. එත් බං මේවා උස්සන් ඇවිදින්නත් තියෙනවද දන්නෙ නෑ. දැන් වේලාවත් 3 කිට්ටු කරලනෙ.

"ඉතින් දැන් මම මේවා උස්සගෙන ඔය ගෙදරට යන්න ඕනෙද?"

"ආහ් වැඩි දුරක් නෑ ටෂියෝ... අන්න අර බස් එක තියෙනවා."

"මොකක්... තව බස් එකක්... එත් බං මේක පුස්සැල්ලාව නෙවේද අර ගහලත් තියෙන්නෙ."

"ඒකෙ උඩ කියලා නෑනේ බං... ඔන්න ඔය නාහෙන් අඩන්නෙ නැතුව නැගාම්... අනික රුපියල් 30 දුර..." මමත් ඉතින් කමක් නෑ 30 නේ කියලා නැග්ගා. ආයෙත් බල බල හිටිය ද නන් ෆිල්ම් එක බලන්න ගත්තෙ සවුන්ඩ් එක උපරිම දාගෙන. මෙහෙමයි මම ආසම මමත් අකමැති දේවල් කරන්න. ඒක වෙනමම ෆීලින් එකක්.

❄ ශීත 🍻Where stories live. Discover now