~සයවන පින්න~

Start from the beginning
                                    

" ලොකූ........ අම්මායි තාත්තායි කිව්වා මේ ස්කූටරේ අද ඉදන් උබලා දෙන්නාට යන්න කියලා. කොහොමත් ස්කූල් ටයිම් එක නිසා පොලිස්සියෙන් කේස් එකක් නෑ. එහෙම උනත් තාත්තා ඉන්න නිසා අවුලක් නෑ...... නංගි ඔය හෙල්මට් දෙක දෙනවා...... "

" මට ලයිශන් තියෙනවා යකෝ."

" අඩොහ් සිරාවටම....."

" ඔව් ඔව්..... බඩු පර්ස් එකේ.."

දිලුම් උගෙ බයික් එකේ එද්දි චූටි තමා ඉස්කූටරේ අරගෙන ආවේ.....

ඒකත් හොදයි. දැන් බාප්පාට කරදරයකුත් නෑනේ. තව දවස් කීයද.... මං බයික් එක ගත්තාහම කිසි කරදරයක් නෑ කාටවත්......

එහෙම්මම ඌ දීපු හෙල්මට් දෙක නංගියි මායි දාගත්තා.....

"යමන් යමන්...... මේ දිලුමා...... කෙලලා යන්නෙ එහෙම නෑ හරේ. මට තාම පාරවල් හුරු නෑ...."

" හරි හරි යමන්....."

මං බයික් එකට නැගලා ඉදගද්දි නංගිත් පිටිපස්සෙන් ඉදගත්තා.... ඔය හිටියාට ඕකිටත් ලයිශන් තයෙනවා. අපි දෙන්නාම එකට තමා ලයිශන් ගත්තේ. කෙලින්ම සැහැල්ලු වාහන වලටම ගත්තා.. බයික් වලට විතරක් අරගෙන මොන ලබ්බක් කරන්නද.....

කොහොමින් කොහොම හරි 7.05 වෙද්දි ඉස්කෝලේ...... නංගිලාවත් උන්ගෙ ඉස්කෝලේ ගාවින් දාලා තමා අපි ආවේ.

අපිට බයික් දාන්න වෙනම කොටක් තියෙනවා. ඔව් ඉතින් ලොකු ඉස්කෝලනේ. ගොඩක් උන් බයික් වල එන නිසා අනිවාර්යයෙන්ම මේ වගේ තැනක් ඉස්කෝලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්තං කොහෙද මුන් බයික් දාන්නේ......

නංගි එයාගෙ හෙල්මට් එක ගත්තා. ඒකි ඒක තියාගන්නම් කිව්වා. නැත්තං මං ඒකිගෙ එකත් මගේ ලග තියාගන්න එපැයි. චූටි නංගිත් එයාගේ එක ගත්තා.....

අපි දෙන්නා ඉතින් කියව කියව පංතියට එද්දි පංතියේ උන් බාගයක්ම ඇවිල්ලා. හරි ඉතින් දැන් හත පහු වෙලානේ.....

යසයි ඩිපියුටියා සේවයට වාර්තා කරන වෙලාව......

මං බෑග් එක අපි ඉන්න තැනින් තියලා හෙල්මට් එක පුටුව යටින් තිබ්බා. ඩෙස් එක උඩ තිබ්බොත් මුන්ට තියෙන විසේට ඕකත් වට්ටලා කඩලා දායි.....

~ පිනිපොද ~Where stories live. Discover now