~දෙවන පින්න~

Start from the beginning
                                    

කොළබින් ඇතුලට වෙන්න ගමක වගේ තිබ්බාත්; මෙහේ මිනිස්සු ගොඩාක් දියුණුයි කියලා බලන ඕනම කෙනෙක්ට තේරෙනවා.....

සාමාන්‍ය ගාඩ්න් එකක් තිබුනා අපේ ගෙදර........

යතුර මං ලග තිබ්බ නිසා , වත්තේ ලස්සන බලන නංගිවත් ඇදගෙන මං අපේ ගෙදර දොර ලගට ඇවිල්ලා දොර ඇරියා........

ගෙට ගොඩ වෙනකොටම අඩි අටක් විදර දිග පේමන්ට් එකක්,

ගෙදරට ඇතුල් වෙනකොටම සාලේ; සාලෙත් කොටස් දෙකයි. TV එක තියන්න වෙනම කොටසකුයි සාලේ ඉන්න වෙනම කොටසකුයි තිබ්බා....... සාලෙන් යනකොටම හම්බෙන්නේ කෑම කාමරේ, ඒ එක්කම කුස්සිය. සාලෙයි කෑම කාමරෙයි කුස්සියයි තුනම එකටම තියෙන්නේ. ඒත් සාලේ ඉදන් බැලුවාම පේන්නේ කෑම කාමරේ විතරයි. කෑම කාමරේට ගියහම තමා කුස්සිය පේන්නේ.

ඊට පස්සේ එතනින් ගියාම පලවෙනි කාමරේ හම්බ වෙනවා. ඒ කාමරේ නම් ගොඩක් ලොකුයි. ඒ කාමරේ පාස් කරනකොටම බාතෲම් එක. හරියටම කිව්වොත් බාතෲම් එකයි කුස්සියයි වෙන් වෙලා තියෙන්නේ බිත්තියකින් විතරයි. බාතෲම් එක පාස් කරාම එතනින් තාමා පිටිපස්සේ දොර තියෙන්නේ. වම් පැත්තෙ පිටිපස්සෙ දොර තිබ්බාට, දකුනු පැත්තට ආවාම තියෙන්නේ කාමර දෙකක්. ඒ කාමර නම් සාමාන්‍ය තරම් කාමර. පිටිපස්සෙ දොරෙන් එලියට ගියාම තව බාතෲම් එකක් හම්බෙනවා. ඒකේ නම් ශවර් මොකුත් නෑ. රෙදි සෝදන්න ගලකුයි , නාන්න ටැංකොයකුයි තමා තියෙන්නෙ.......

ඇත්තටම ලක්ශ 80කට මේ ගෙදරයි ඉඩමයි උඩින්ම ලාබයි.

මුලු ගෙදරම ටයිල් කරලා, සුදු තීන්ත ගාලා. නවීන පන්නෙට හදපු හුරුබුහුටි ලස්සන ගෙදරක්. සාලේ බිත්තිය ගොඩාක් උස නිසා දකින ඕනම කෙනෙක් හිතන්නේ තට්ටු දෙකක ගෙදරක් කියලා.....

බාප්පා කිව්ව විදියට නම් මෙහෙ ගෙදර අයිතිකාර මහත්තයාගේ ළමයි රට නිසා එයාව ඒ රටට ගන්න ඕන වෙලා ඒ ළමයින්ට. ඉතින් ඒක නිසා තමා පුලුවන් ඉක්මනට මේ ගෙදර විකුනන්න හදලා තියෙන්නේ..... ඒ මනුස්සයාට හදිස්සි නිසාම තමා ලක්ශ අසූවකට මේක විකුනව්වේ මට. නැත්තං කොහොමටවත් මේ පැත්තෙන් මේ වගේ ගෙදරක් ඒ වගේ ගානකට ගන්න එක නම් හීනයක්ම විතරයි.



~ පිනිපොද ~Where stories live. Discover now