" හරි නරකයිනේ. කියන්නෙවත් නැතුව කිස් කරනවා. "


" කිය කිය කිස් කරන්නෙ මොකටද. තමුසෙ මගේනෙ. මට හිතුණා මන් කිස් කරා. බැඳපු දවසට අනික්වත් ඔහොම තමා බබා. "

දෙයියනේ... මේ අර නපුරු මිනිහද. නපුරු මිනිස්සු ආදරේ කරද්දි මේ තරම් රොමෑන්ටික් කියලා මන් නිමටවත් හිතුවෙ නෑ. මාව මැරෙයි. ලැජ්ජාවට පැලිලම...



" මොනවද අනේ කියන්නෙ. යන්න දෙන්නකො දැන්වත්. "


" විනාඩියක් ඉන්නවා. "


එහෙම කියපු ජිමින් එක පාරටම මගේ බෙල්ල අස්සෙ එයාගෙ මූණ හංග ගෙන ලොකුම ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා. ඒ ඇඳපු හුස්ම පාරට මාවත් ඇඳිලා යයි වගේ. මාව ගැස්සිලා ගියේ එයාගෙ සීතල තොල් මගේ බෙල්ලෙ තැනින් තැන වැදෙද්දි. මේක නම් පිස්සුවක්. එයා මාව පුංචි ස්පර්ශයකිනුත් අවුස්සන හැටියක්. ජිමින් මගේ බෙල්ලෙ එක තැනක්ම අල්ලන් ඒ තැනම තොල් වලින් තද කර කර දත් වලින් හපන්න ගත්තෙ මට දිව්‍යලෝක සැප පෙන්නලා.

" ආහ්ම්ම්.. "

ජිමින් මෙච්චර වෙලා එයාගෙ තොල් වලින් සෙල්ලම් දැම්මෙ මගේ ස්වීට් ස්පොට් එකේ. ඒකමයි නොදැනුවත්ම මගේ කටින් කෙඳිරිල්ලක් පිට වුණේ. ඊටත් තත්පර ගානකට පස්සෙ ජිමින් මගෙ බෙල්ලෙන් අයින් වුණේ එයාගෙ තොල් දෙක අතින් පිහන ගමන් අර කට කොනේ හිනාව තියා ගෙන. එයා එක අතකින් මෙච්චර වෙලා හපපු මගේ බෙල්ල අත ගාලා කොණ්ඩ කෑල්ලක් අරන් එතන වැහුවා.

" ඔහොම වහගෙන ඉන්නව අද දවසම. නැත්තම් අම්මා බලයි එයාගෙ මහ ලොකු සුදු දුවගෙ බෙල්ල කෑවෙ කවුද කියලා. "


" මන් කියනවා එතෝට ඔයාගෙ මහ ලොකු සුදු පුතා තමයි පෙරේතයෙක් වගේ මගෙ බෙල්ල අල්ලන් කෑවෙ කියලා. "


" යා කවුද පෙරේතයා. "

" තමුසෙ තමයි. "

" ඒවයින් වැඩක් නෑ. සේහත් එක්ක ටිකක් ඇවිදලා එනවා ඕනනම්. "

අනේ මගේ සුදු අයියා.. ඔයා හරි හොඳයි අනේ. මන් එහෙම හිතලා චුට්ටක් කකුලෙ ඇඟිලි වලින් ඉස්සිලා පොඩි පෙක් එකක් ජිමින්ට දීලා පහළට දිව්වා.


- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now