මගෙ දෙයියනේ එතන තිබුණු කමෙන්ට් වලින් බාගෙට බාගයක්ම තිබුණෙ මින්ජිට බැනලා. මට දැන් තමයි ආපහු පාරක් මතක් වුණේ ඒ තුන් දෙනා හොඳම යාළුවො කියලා. ඒත් එයාලට එක පාරටම මොකක්ද වුණේ මෙහෙම දෙයක් වෙන්න. ටේෂු සූසයිඩ් කර ගත්තා. නෑ එයාව මැරුවනේ. එතකොට මින්ජි සාරාව මරන්න හැදුවා කියලා දැන් හිරේ. මේකනම් විකාරයක්. ඒත් මගේ හීන වලට අනුව එදා සාරාව මින්ජි පහළට තල්ලු කරේ නෑ. එහෙනම් එදා එතන හරියටම වුණේ මොකක්ද. මන් කොහොමද මේක හොයා ගන්නෙ.

නිකන් මොලේට සමනල් ගැටේ වැටිලා වගේ. මට තියන ප්‍රශ්න මදිවට අනුන්ගෙ ප්‍රශ්නත් ඔළුව අස්සට දාන්. මට නිකන් පිස්සු හැදෙන්න වගේ. ඒ මදිවට ජිමින්ගෙ කාර් එකේ බ්‍රේක් කැඩුවෙ කවුද කියලා තාම දන්නෙ නෑ. ඒත් මට මින්ජිව මුණ ගැහුණොත් මේකට පොටක් පාද ගන්න පුළුවන් වෙයි. ඒත් මන් එයාව මුණ ගැහෙන්නෙ කොහොමද. ජිමින්ට කියලා එයා එක්ක මින්ජි බලන්න යනවද. අපෝ අපෝ මන්දනා.. හීනෙන්වත් හිතන්න එපා ඒක ගන නම්. ඔය මනුස්සයා කියයි... මන්දනා තමුසෙට පිස්සුද... මගෙන් මැරුම් නොකා ගෙදරට වෙලා පාඩුවේ වැඩක් බලන් ඉන්න කියයි. යැයි යැයි තමා... මන් දන්නවනේ ඒ මෝඩස්ගෙ හැටි.

එක එක ඒවා හිතලම රිදෙන්න අරන් තිබුණු ඔළුවෙ කැක්කුම යන්තම් සාමාන්‍ය තත්ත්වයට ආවෙ ජිමින්ව මතක් වුණු නිසා. ඒක නම් පිස්සුවක්. ආදරය කියන්නෙ මේකට වෙන්න ඇති. හරියට අපි ආදරේ කරන කෙනාව මතක් වුණාම ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ඉබේටම මූණෙ හිනාවක් එන එක. ජිමින් එක්ක ගෙවපු කාලෙ එයා මාව හිතන්නත් කලින් ඇඳලා අරන් මගේ තොල් වලට කිස් දෙන ඒවා... මේවා මතක් වෙද්දි හරියට නිකන් මගේ පපුව කිති කැවෙනවා වගේ.

ජීවිතේ පළවෙනි පාරට පිරිමි ළමයෙක්ගෙ ආදරේ විඳින නිසා වෙන්න ඇති මේ හැඟීමට මන් හරි ආස. ටිකක් විතර නුහුරුයි. ඒත් කාලයත් එක්ක හරියයි. මන් ආසම ජිමින්ගෙ නපුරු වචන වලට. ඒක වෙන්නැති එයාගෙ නපුරු වචන වලට මගේ හිත තව දුරටත් නොරිදෙන්නෙ. කොයි වෙලෙත් මන්දනා අරක කරන්න එපා... මන්දනා මේක කරන්න එපා.. මන්දනා තමුසෙ කනවා වැඩියි... මන්දනා තමුසෙට පිස්සුද යැයි යැයි තමා. හැබැයි මන් ආසයි.. එයා මට මන්දනා කියද්දි.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now