මන් එහෙම්ම ටේටේගෙ අත අතෑරියෙ එතනින් එහාට තවත් කිසිම දෙයක් මට නොපෙණුනු නිසා. ඇස් වලට ඉබේටම කඳුළු ආවෙ ටේෂුට වුණු දේ මතක් වෙලා. ඇයි එයාව ඒ විදියට මැරුවෙ.

" ස්වීටි ඇයි බබා ඔයා අඬන්නෙ. මොකද වුණේ ආ. මට කියන්න ඔයා දැකපු දේවල්. "

" මගෙන් අහන්න එපා. ඔයාට දුක හිතෙයි. ටේෂු පව්. "

" ඒත්.. "

" ප්ලීස් ටේටේ.. "

" ඕකේ. "

අපිට වැඩි වෙලාවක් කතා කරන්න බැරි වුණේ නැන්දා මිසිස් කිම් එක්ක ආපු නිසා. එහෙම්ම ඉඳලා මන් ගෙදර ගියේ නැන්දත් එක්කමයි. මන් ගෙදර ඇවිත් නිදා ගත්තෙ තිබුණු මහන්සියට.


" සුදු බබා හවස් වෙලා හොඳටම. පහළට එන්න පුතේ. "



නැන්දගෙ සද්දෙට මන් පහළට ගියේ හායි ගාලා ලොකු ඈනුමකුත් යවන ගමන්. මන් යද්දි පහළ ජිමිනුත් හිටියා. එයා හිටියෙ ගෙදරට අඳින කොට ෂෝට් එකට ටී එකක් ඇඳලා. පේන විදියට එයා ගෙදර ඇවිත් හුඟක් වෙලා වගේ.


" තමුසෙගෙ වැඩේ නිදා ගන්න එකමයි නේ. කොයි වෙලේ බැලුවත් හතර ගාතෙ දාලා කෙහෙ හරි අස්සක මුල්ලක නිදි. "



ඒක තමයි මහත්තයෝ මට තියන එකම විනෝදෙ හූම්.. මන් ජිමින්ට මුකුත් නොකියම පොඩ්ඩක් රවලා කුස්සියට ගිහින් නැන්දව බැක් හග් කරා. එයා එක අතකින් මගේ කොණ්ඩෙ ලාවට අත ගාලා එක පාරටම යකෙක් වැහිලා වගේ මගේ දිහාවට හැරුණා. ඊටත් පස්සෙ නැන්දා මගේ කන හරියට පරණ ලදරම් රේඩියෝ එකක චැනල් අල්ලනවා වගේ කරකවන්න ගත්තා.


" ආව් ආව් නැන්දා.. මට රිදෙනවා... "


" මන් කී දවසක් කිව්වද නාපු ගමන් කොණ්ඩෙ තෙත පිටින් නිදා ගන්න එපා කියලා. ඔය දවල් නාපු එක තාම කොණ්ඩෙ තෙතයිනේ. කෝ ගිහින් පිහි දාන් එන්න. "

" හුම්. "


මන් එහෙම්ම රූම් එකට ගිහින් ටවල් එකත් අරන් ඔළුව පිහදාන්න ගත්තා. ඒත් එකපාරටම කවුරුහරි මගෙන් ටවල් එක උදුර ගත්තා. වෙන කවුද ඉතින්.. ජිමින් තමයි.


එයා මට පිටිපස්සෙන් ඇඳේ වාඩි වෙලා එයාගෙ කකුල් දෙකෙන්ම මාව හිර කරන් ඔළුව පිහිදානවා.


- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now