මේ ගෑණිට පිස්සුද. මිනිස්සුන්ට අරක කරන්නලු මේක කරන්නලු. මේක පුදුම කටක්නෙ... තත්පරයකට වචන දහයක් විතර කියවනවා.

මන් ගෙනාපු ඇඳුම එතන තියලා යන්න හදද්දි සාරා මට කතා කරා.

" ඒයි මේ. ඇවිත් මට හුළං ටිකක් ගහනවා. "

මම ඒ කිව්වෙ මටද අහන්න වගේ මගේ දිහාට ඇඟිල්ල දික් කරාම එයා කට කොණින් හිනා වෙලා ඔළුව වැනුවෙ ඔව් කියන්න. පවන් නෙවේ මෙයාට ගිනි තියන්න ඕන. මන් ගිහින් එයාගෙ මූණ ළඟට පොඩි ෆෑන් එකක් අල්ලන් හිටියා.

" සාරා හවස දෙක වෙද්දි අපි රෙඩ් කාපට් එකට යන්න ඕන. "

" හරි ලූනා. "

ඕ ෂිට් ඒ ආවෙ අර ටැටූ ගර්ල්. එයාගෙ අතේ අර ටැටූ එක තියනවා. ඒත් එයා මේකප් ආටිස්ට් කෙනෙක් නෙමේ. මන් දන්න විදියට ලූනා කියන්නෙ සාරාගෙ මැනේජර්.

" ලූනා. අනේ මගේ මේකප් එක අද ඔයා දාන්න. මේ නිව් ගර්ල්ස්ලා මාව අද කැත කරයි. "


" ඕකෙ සාරා. "

ඕහෝ.... ඒ කියන්නෙ මෙයාට මේකප්තුත් දාන්න පුළුවන්. මෙලෝ සිහියක් නැතුව මන් එහෙම්ම දුවන්න හැදුවෙ මේ හොට් හොට් නිව්ස් එක ජිමින්ට කියන්න. ඒත්...

" ඕයි තමුසෙ කොහෙද දුවන්නෙ. නවතිනවා ඔතනම. මන් යන්න කිව්වද දැන් තමුසෙට. "


" ආ මේ මට ජිමින් සර් ඉක්මනට එන්න කිව්වා. මට කලින් ඒක අමතක උනා. "


" තමුසෙ දැන ගන්නවා තමුසෙගෙ ජිමින් සර්ට පස්සෙ වැඩිපුරම මේ කම්පැනි එකේ ෂෙයාස් තියෙන්නෙ මට කියලා. "

" ආ එහෙමද. මන් යන්නම් එහෙනම්. "

මන් ආපහු යන්න හදද්දිම අඩියට දෙකට වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටපු සාරා ඇවිත් මගේ පිච්චුණු අතින්ම තද කරලා ඇල්ලුවා.

" තමුසෙ මාව ගණන් ගන්නැද්ද. ඔච්චර ලොකු කම් දාන්නෙ ජිමින් තමුසෙව වැඩට ගත්තු නිසාද. තමුසෙ ජිමින්ගෙ කවුද ආ.... කියනවා බලන්න. "


දැන් නම් අත හොඳටම රිදෙනවා. මේකිගෙ මූණට පයින් පාරක් දෙන්න හිතුණත් ජිමින් මාව මරලා කම්පැනි එක ඉස්සරහ එල්ලයි කියලා සාධාරණ බයක් තිබුණු නිසා මන් ඒ කුරිරු ආසාව හිත ඇතුළෙම වල දා ගත්තා. ඒ පාර ජිමින්ගෙ කවුද අහනවා. ජිමින් කිව්වනේ මන් එයාගෙ නංගි කියලා කාටවත් කියන්න එපා කියලා. ඒක දැනගත්තොත් ආපහු පාරක් මරයි.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now