Chapter 14

31 4 4
                                    


💍 ඔයාල කිව්ව කරුනු අනුව ලේ ආර්යාව ඩ්‍රැකියුලාගෙ වරදින් බිහි උන කෙනෙක්ද...

සෑම් කන්නඩි දෙක හදන් පොත පෙරලලා ඒකෙ පිටුවක් දිග ඇරන් ලොකු හුස්මක් ගත්තා

🦊 කෙල්ලො දෙන්නා...හොදට අහගන්න
මාරයාගේ නැකතින් උපන් නිවුන් දරුවකුගේ ලෙයින් මිය ගිය ලෝර්සෝ  ආර්යාව දෙව්ලොවින් නැවතත් ගෙන ආ හැක

🐺 ඒ පාර තව ගෑනියෙක්...මොන මගුලක්ද අප්පා මේ

💎 පැටලෙනවා තමයි...පියවරෙන් පියවර මේක විසද ගමුකෝ

🦊 මගෙ ඔලුවත් රිදෙනවා සුමී...මාර පවුල් සම්බන්දකම්නෙ තියෙන්නේ...ඉන්දියන් ඩ්‍රාමා එකක් වගේ

💎 දොන් ජේම්ස් ෆිටෝපියාවේ ඩේසි මල මේ කතාවට සම්බන්ද වෙන හැටිහි මට හිතාගන්න අමාරූ

🦊 ඩෙරික්ක්...

සෑම් එකපාර නැගිට්ටේ නියපොතු කකා හිටිය ඩෙරික්ව පුටුවෙනුත් වට්ටගෙන

🐺 මොකද ය්කෝ බය කරන්නේ

🦊 ඔයාට පුලුවන්  මනසින් සම්බන්ද වෙන්න...

🐺 කාටද

🦊 අහන්නකෝ...ලේ අර්‍යාවයි ඩේසියි එක්කෙනෙක් වෙන්න බෑ මට අනුව නම්..ඩේසි කියන්නේ අඩු වයසින් මැරුන කෙල්ලෙක්

🐺 ඩ්‍රැකියුලාගෙන් ඩේසිගෙ අම්මට කරදරයක් උනා වෙන්න බැරිද

💍 නෑ ඩෙරික්...ඩේසිගේ පවුල ගොඩක් වංශවත් පව්ලක්...එහෙම නේද??

💎හ්ම්ම්ම්....ඩේසි එහෙම කෙනෙක් නෙමේ

🐺 මගෙ මනස සම්බන්ද සීන් එක මොකක්ද

🦊 ඔයාට ඔය පේන හීන...දොන් ජේම්ස්....ඔයා නිදාගන්න මන් ඔයාට පේන හීන අපිටත් බලන්න පුලුවන් ක්‍රමයක් හදන්නම්...
ඔයා මනසින් සම්බන්ද වෙන්නෙ කාටද කියන එක අපි හොයාගමු...
සුමී අර පිසාච කැඩපත ගේන්න..





@මාලිගය....
ලේ අර්යාව


ලේ ආර්යාවගේ අතේ තිබ්බේ අවුරුදු ගානක් පරන නිසා අවපැහැ ගැන්වුන සිතුවමක්..

Bloody women pov.....🩸

මම ඒ චිත්‍රෙ දිහා බැලුවෙ ගොඩක් ආදරෙන්...මේ රුපේ ඇන්දේ මගේ ජේම්ස්...මමයි මගේ පව්ලෙ අයයි
හ්ම්ම්ම්ම් ඒ කාලේ කොච්චර ලස්සනද??

මට හැමදාමත් ජේම්ස්ගේ ඩේසී මල වෙන්න උවමනා කරා...ඒත් මිනිස්සු ඒකට ඉඩ දුන්නේ නැහැ....

තව දවස් කීපෙකින් මන් අර කෙල්ලව බිල්ලට දුන්නම ඔක්කොම හරි යාවී...මගේ අම්මා ආය එයි එතකොට ගොඩක් දේවල් කලින් වගේ හැදෙයි

ලේ ආර්යාවට රතු පාට කදුලු පිරුන ඇස් දෙක කලු පාට ලේන්සුවකින් පිහා ගත්තා...ලෝකෙම නපුරු කෲර ලේ පිපාසිත ගෑනියක් විදිහට එයාව හංවඩු ගැහුවට එයාගේ අතීත කතාව අහන්න කිසී කෙනෙක් හිටියෙ නෑ...
මේ තරම් එයා මිනිස්සුන්ට වෛර කරන්නේ මිනිස්සුන්ගෙ වරදින්මයි කියලා කවුරුත් දන්නෙ නෑ...

සමහරවිට එයාගෙ කතාව ඇහුනම ඔයාලත් කියයි....

ලේ ආර්යාවගේ තීරනයට මම එකගයි කියලා

පලිගැනීම නරක දෙයක්
ඒත්,
නැති උන දේවල් ලබාගැනීම

Princess Dracula Tempat cerita menjadi hidup. Temukan sekarang