Chapter 12

59 8 4
                                    

වසර ගණනක අතීතය....
ඩ්‍රැකියුලාගේ වාසභවන වූ
ජරාවාස මාලිගය...

උඩු රැවුල වවපු ලස්සන හැන්සම් කොල්ලෙක් මාලිගාවෙ රෝස උද්‍යානේ බංකුවක ඉදන් හිටියා...
පුලුල් උරහිස් තියන උස සහ තියුනු දෑසක් හිමි මේ තරුනයාට ප්‍රභූ නිවසට ඕනම වෙලාවක එන්න අවසර තිබ්බා...
වෘත්තිමය චිත්‍ර ශිල්පියෙක් වූ ඔහු කෝටිපතියෙක් උනෙත් ඒ නිසයි...

තරුන චිත්‍රශිල්පියාගේ උරහිසට හේත්තු වෙලා හිටියේ මිහි මවගේ හා සොබා මවගේ විශ්මකර්ම නිර්මානයක අවසන් පුරුකක්...
තද කලු පාට ඇස්...ඉනෙන් පහලට තියන ඇස් වල පාටම කොන්ඩේ...
ලා රතු පාට දෙතොල් තියන මේ තරුනිය විශේශයි...ඒ විශේශ බව රහසක්...
ශ්වේත මන්දිරයේ ඩේසි මල කියලා තමයි හැමෝම මේ තරුනිය හැදින්වුයේ...එයාගේ ඇත්ත නම දන්නෙත් කීප දෙනයි...

"ඩේසී....ඒ ගැන හිතන්න එපා..."
තරුණ සිතරුවා තමන්ට වාරු වෙලා හිටිය තරුනියගේ නලල සියුම්ව සිප ගත්තා...

"නොහිතා බෑ...එයාලා විතරයි මට ඉන්නේ....ඔයා වගේ හැම මනුස්සයම හිතන්නෙ නෑ..."
ඩේසී නැගිට්ටේ ඇස් වල කදුලු පිරෙද්දි..

"මොනදේ උනත් ඔයාව මම ආරක්ශා කරනවා ඩේසී..."

වර්තමානය...

🐺 සෑම්...ජේම්ස් කියන්නෙ කවුද...

රෑ කන්න ගත්ත එකත් කූරු ගගා ඉදලා ඩෙරික් ඇහුවේ භූත ප්‍රශ්නයක්...

🦊 ජේම්ස්ලා ගොඩක් ඉන්නවා...ඔයා අහන්නෙ ජේම්ස් මොරියාටි ගැනද...

🐺 නෑ...සෙන්ට්ගරි දොන් ජේම්ස් ඇලෙක්සැන්ඩර් කියන්නෙ කවුද...

අක්කායි සෑමුයි ගුලි උනේ ඒ ප්‍රස්නෙ එක්ක...

💍 දොන් ලගෙන් මම දන්නේ දොන් දියගෝ...එයාගේ ෆාදන් දොන් අලිහැන්ඩ්‍රො...

🐺 විහිලු නෙමේ යුමී....මම ජේම්ස් මොරියාටි ගැනත් දන්නවා දොන් දියගෝ ගැනත් දන්නවා...කවුද දොන් ජේම්ස්...

💎 උම්ම්....එයා මේ අවට හිටිය චිත්‍ර ශිල්පියෙක්...ප්‍රසිද්ද සහ කඩවසම්...හැකියාව නිසාම කෝටිපතියෙක් උන කෙනෙක්...

🦊 ඩෙරික්...මට දැනගන්න පුලුවන්ද ඒක අහන්න හේතුව...

🐺 හීනයක් සෑම්...

Princess Dracula Where stories live. Discover now