Chapter 6

82 11 4
                                    

👵 අමාවක දවසෙ තරුන දරුවෙක් අතින් කාව හරි මැරොනොත් ඒක ලේ ආර්‍යාවට දැනෙනවා කියලා පරන කියමනක් තියනවා...

🐺 ලේ ආර්‍යාව...

👵 එයා ගැන නම් මම වැඩිය දන්නෙ නෑ දරුවො...මම පුන්චි කාලේ ඔය ලේ ආර්‍යාව නිසා ගමේ නිවුන් දරොවො අතුරුදහන් වෙන්න ගත්තා...

💍 නිවුන්නු???

👵 ඔව්...ඔය දරුවත් නිවුන් දරුවෙක් නම් පරිස්සම් වෙන්න...මීට අවුරුදු හැටකට හැත්තෑවකට කලින් ඒ ආර්‍යාව ගමක්ම බය කරන් හිටියා...

මම ඒ ආච්චි කිව්ව දේටනම් ගැස්සුනා...උදේ සෑම් කිව්ව දෙ...මිකී...මගේ නිවුන් සහෝදරී සහ මම උපන් දවස...මම ඉපදුනේ ඔක්තෝබර් 31...හැලෝවීන් දවසෙ රෑ දොලහට...හරියටම 00:00 ට...සුමී 11:50ට...

💍 ඩෙරික්...ම...මන් ගෙදර යනවා...

🐺 මටත් වැඩ නෑ...ශෝට් ලීව් එකක් දාලා එන්නම්...යන්නම් ආච්චි...

👵 ඔය ලමයි පරිස්සම් වෙන්න...අද ගොඩක් භයානක රැයක් ගෙවෙන්නේ...

💍 හ...හරි ආච්චි...

මම ඩෙරික් එක්ක එයාගෙ කාර් එකට නැග්ගා මාව ගැහෙනවා...ඒ එක්කම අහස කලු උනේ ලොකු කුනාටුවක් එන්න වගේ...




blood women 🧛

🧛 ඒක සිද්ද උනා...උරුමක්කාරිය අතින් අමාවක දවසෙ මද්‍යහන දොලහට මනුස්සයෙක් මැරුනා...අද රෑට මගේ යුද්දය පටන් ගනීවී....ඊලග හැලොවින් දවසෙ මද්‍යම රාත්‍රියේ මට මගේ පූජාව කරන්න පුලුවන්...

තද කලු දිග කොන්ඩේ හුලගේ තාලෙට හිමීට වාතයේ පා වෙද්දි සොහොන් කොත උඩ ඉදන් වවුල් පැටියෙක් හුරතල් කරමින් හිටිය තරුනියගේ මූනේ ඇදුනේ අමුතු හිනාවක්..තොල් අතරින් නෙරා ආපු ඇත් දල වගේ තියුනු දත් දෙක ඇගේ සුන්දරත්වය තව තවත් වැඩි කරා....ඒ කලු , නිල් මිශ්‍ර ඇස් දෙකෙන් ලේ පාට කදුලු බින්දුවක් ගැලුවේ ඒ හිනාව මැකිලා යද්දියි...

ඒ ලේ ආර්‍යාව...කවුරුත් එයාගේ නියම නම දන්නෙ නෑ....එක කාලයක් ගම් දනව් බියෙන් මුසපත් කරපු මේ සුන්දර ලේ පිපාසිත තරුනිය මෙහෙම උනේ කාගේ වරදින්ද....




Yumii pov....💍


මම ඩෙරික් එක්ක ගේ ඉස්සරහින් බහිද්දිම දුවගෙන ආපු සුමී යුමීව තදින් වැදල ගත්තේ යුමීගේ බය තවත් වැඩි කරලයි...

🦊 මම එපා කිව්ව දේ ඔයා කලා...

ගෙදර ඉස්සරහ පඩියෙ ඉදන් හිටිය සෑම් සන්සුන් උනත් දුක මිශ්‍ර කෝපිත හඩකින් කිව්වෙ මා දිහා විනිවිද යන බැල්මක් හෙලමින්...

💍 ඒ ලෙඩාට අසාද්‍ය නිසයි මන් ගියේ...අහ්...අනික මිස් මිකී කිව්වා ඩෙරික් නිසා එයා පෙග්නට් කියලා...

🐺 මොකක්...මම...මම මිකීගේ අතින්වත් අල්ලල නෑ....

💎 යූ....ඔයා කියන්නේ චූටි දොස්තර නෝනා කෙනෙක් ගැනද...

මම ඔලුව වැනුවා...සෑම් එයාගේ පෝන් එකේ මොනාහරි හොයලා ඒක මා දිහාවට දික් කරා...මම ඒක ගත්තෙ වෙව්ල වෙව්ල...ඒකේ නිව්ස් බැලුවම නම් මට හිතුනේ මාව මැරිලා යයි කියලා..

News ÷ කේ. ජොර්ජියා රෝහලේ සේවය කරන විසි පස් වියැති මිකී මිශෙල්ගේ මල සිරුර රෝහලේ සොහොන් බිමේ තිබී හමුවුනා...
මරණ පරීක්ශයක් පවසන පරිදි ඇය මියගොස් ඇත්තේ පෙරදිනයේයි...
මරණයට හේතුව යම් කිසි උපකරණයක් මගින් ලේ උරා ගැනීම හෝ කිසියම් සතෙකු විසින් ලේ උරා බීම ලෙස මරණ පරීක්ශනයේ තව දුරටත් සදහන්...ඇගේ ගෙලෙහි 1.5cm දුරින් පිහිටි ලේ පැහැ ගැන්වුන සිදුරු දෙකක්...

මට ඉතුරු ටික අහන්න නොදී සෑම් පොන් එක ගත්තා...

💍 මිකීව මට උදෙත් හම්බුනා...එයා එයා මට කිව්වා...

🦊 ශ්...ශ්....යුමී...අපි ගෙට යමු...සුමී ඔයා යුමීව ගෙට එක්ක යන්න...පැයකින් දෙන්නම පහලට එන්න...ඊට කලින් එන්න එපා...ඩෙරික්...මා එක්ක එන්න...

💍 සෑම්...මිකී...

🦊 අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ ඔයා හම්බෙන්න ආවේ මිකී නෙමේ....

💍 ඒත්...එයා මාව ඇල්ලුවා...හොල්මන් ස්පර්ශ කරන්න බෑනේ.

🦊 ඒ හොල්මනක් නෙමේ යුමී....ඒ ඔයාව මේ ඔපරේශන් එකට පොලබව ගන්න ආපු කෙනෙක්...ඔයා අතින් ලෙඩා මැරෙන එකෙන් වාසියක් තියන කෙනෙක්..

💍 ල්...ලේ ආර්‍යාව....

🦊 වෙන්න බැරි නෑ...ඔයා යන්න...මම මේ ගැන බලන්නම්...













🙂 ආ යාලූ....

කෝමේයි

කමෙන්ට් එකක් හලන් යන්

Princess Dracula Where stories live. Discover now