Chapter 11

53 7 6
                                    

🦊 යුමී....යුමී...නැගිටින්න...අපි ආවෝ...

සෑම් මගේ ඔලුවට තට්ටු කරද්දි තමා මම ඇහැරුනේ..

🦊 එන්න...

එයා කාර් එකේ දොර ඇරියා...අනිත් දෙන්නා නම් කාර් එකෙන් බැහැලා ගිහින්...මම හිමීට කාර් එකෙන් බැස්සා...කාර් එක නවත්තලා තිබ්බේ චූටි ගෙයක් ලගින්...

💍 මේකද ඩ්‍රැක්ගේ මාලිගාව..

🦊 නැහැ...මේ අපි නවතින තැන...අර තියෙන්නෙ ඩ්‍රැක්ගේ මාලිගාව...

මම සැම් අත දික් කරපු දිහා බැලුවා...

එතන තිබ්බේ ලොකු මාලිගාවක් කොල නැති හීනී අතු තියන අලු පාට ගස් වලිනුයි සොහොන් කොත් දෙකකිනුයි අලු පාට වැඩ කරන්නෙ නැති වතුර මලක් තියන පොකුනකුයි තියන විශාල අලු පාට පිට්ටනිය මැද අලු පාට මාලිගාව යෝදයෙක් වගේ නැගී සිටියා..
වහලා දාලා තිබ්බ ජනේල් වීදුරු වලින් පෙනුන ජනේල් රෙද්දත් අලු පාටයි...ඒක නිකම් වර්නවත් ලෝකයේ හැන්ගුන අලු පාට උද්‍යානයක් වගේ...

💎 යූ...මේ තියෙන්නේ මේ මාලිගාව ඉස්සර තිබ්බ විදිහ...

පුන්චි ගේ ඇතුලෙ ඉදන් ආව සුමී A4 ප්‍රමානයේ ෆොටෝ එකක් මට දීලා ගියා...මම ඒක චිත්‍රයක්..චිත්‍ර ශිල්පියාගේ දක්ශකම් නිසා මම කිසි අමාරුවක් නැතුව පින්තූර දෙක සන්සන්දනය කරා...

සොහොන් කොත් දෙක ඇරෙන්න අනික් ඔක්කොම පින්තූරේ තිබ්බා...තැබිලි පාට වහලෙයි මිත්‍රශීලී සුදු පාට බිත්තියි දුබුරු පාට ජනේල් පියන් දිගේ දිග පුන්චි මල් වැලුයි එක්ක තිබ්බේ මේ අලු පාට යෝද මාලිගාවමයි..
නිල්ම නිල් පාටින් වතුර පුරෝ ගත්ත වතුර මල දරන් ඉන්න පොකුනේ ලස්සන මාලු පවා සිත්තරූ සිතුවම් කරලා තිබ්බා...
අලු පාට පිට්ටනිය මැද භූත පාට මාලිගාව වෙනුවට රූපේ තිබ්බේ ලස්සන උද්‍යානයක් මැද තියන මාලිගාවක්...
මාලිගාවේ උඩම තට්ටුවේ ජනේල් තිරයෙන් කාගේ හරි මූනක් සිතුවම් කරලා තිබ්බත් රූපේ පොඩි නිසා මට ඒ මූන පැහැදිලිව පෙනුනේ නෑ...
ඒක තරුන ගෑනුලමයෙක්ගේ මූනක් වගෙයි මට පෙනුනේ...චිත්‍රශිල්පියා දිහා මේ තරුන කෙල්ල බලන් ඉන්නවා කියලා රූපය නරබන ගොඩක් අය හිතාවි...

💍 සෑම්...මේ ජනේලේ ගාව ඉන්නෙ කව්ද...

🦊 ම්ම්....ඒ කව්ද කියන එක අභිරහසක්...ඔය චිත්‍රෙ ඇදපු කෙනා කියන්නේ ඒ එයාගේ පෙම්වතිය කියලයි...

💍 ඒ කාලෙ මාලිගාව ගොඩක් ලස්සනයි...

🦊 ඔව්...ඩ්‍රැකියුලාගේ තරුන කාලේ ගෙව්නේ මේ ලස්සන මාලිගාවේ...එයා අමරනීය පිසාචයෙන් වෙද්දි මාලිගාවත් ජරාවාස උනා....

💍 ඒත්..මේ කෙල්ල...මට ඒක ලොකු ප්‍රශ්නයක් සෑම්..

🦊 ඩ්‍රැකියුල ප්‍රභූ පව්ලක කෙනෙක්නේ...ඉතින් මේ ප්‍රභූ මාලිගාවට  අමුත්තෝ විදිහට ආපු ආදරවන්තයෝ දෙන්නෙක් මේක අදින්න ඇත්තේ...

🐺 සෑම්...යුමී...සුමී එන්නලු දෙන්නටම...

සෑම් මගෙ අතකිනුත් අල්ලන් පුන්චි ගේ ඇතුලට ගියේ ආයෙත් මම හැරිලා මාලිගාව දිහා බලද්දියි...




Author pov...

අලු පාට මාලිගාවේ උඩ තට්ටුවේ ජනේලේ තිර රෙද්ද අස්සෙන් කෙනෙක් යුමී දිහා බලන් හිටියා...
වේදනාවේ රතු පාට කදුලු සුදුමැලි කොපුල් දිගේ ගලාගෙන යද්දි හැඩුම නවත්ත ගන්න එයා හිටියේ තද රතු පාට තොල තදින් හපාගෙන...
සිල්ක් අත් හීනී ගවුමක් ඇදන් හිටිය එයාගේ ලස්සන වචනෙකින් කියලා නිම කරන්න බැහැ...
ලේ පාට ගවුම උඩ තිබ්බ චායාරූපය එයාගේ කදුලු වලින්ම තෙමිලා...
ඔව්...
ඒ තමයි ලේ ආර්යාව...
ලෝකෙම පිලිකුල් කරන...
හදවතක් නැති ඒ භයානක කාන්තාව...

එයා තමන්ගේ උකුලේ තියන චායාරූපය දිගේ හීනි දිග ඇගිලි තුඩු යැව්වා...ඒ රූපේ හිටියේ කඩවසම් තරුනයෙක්..උරහිස ගාවට කොන්ඩය වවලා තිබුනු උඩු රැව්ල පමනක් තිබ්බ ඒ තරුනවා නපුරුයි කියන ලේ ආර්යාවගේ සැබැ සුන්දරත්වය දුටු තරුනයෙක්...

"සෙන්ට්ගරි දොන් ජේම්ස් ඇලෙක්ස්සැන්ඩර්....ඔයා එදා ගියේ කොහොමද..."

ලේ ආර්යාව චායාරුපයේ සිටි තරුනයාගේ මුහුන ස්පර්ශ කලේ කියාගන්න බැරි තරම් ආදරයකින්...

කලු පාට පිරිසිදු ඇද ඇතිරිල්ලක් දැම්ම ඇදෙන් නැගිට්ට ලේ ආර්යාව කන්නාඩි මේසේ ලාච්චුව ඇරලා පොටෝ එකට හාදුවක් දීලා ඒක ඒක ලාච්චුවකට දාලා වැහුවා...

කන්නාඩියෙන් නොපෙනුනත් එයා දැනන් හිටියා තමන් සුන්දරයි කියලා...

නිකමට වගේ ආයෙත් ජනේලෙම් එලිය බලපු ලේ ආර්යාවගේ ඇස් නතර උනේ මාලිගාව ඉස්සරහ පුන්චි ගෙදර වහලෙට නැගලා ඉන්න තරුනයෙක් ගාව...

"ජේම්ස්..."

ඇගේ තොල් වලින් ඇයටත් හොරා පිට වුනේ ඒ වචනෙයි...







🤧 මොනාත යකූ මේ වෙන්නේ...

Princess Dracula Where stories live. Discover now